Wednesday, July 28, 2021

ගැමි ගීයේ නිදහස

 ගැමි ගීයේ නිදහස 



 සංගීතය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ  පරිණාමික සංවර්ධනය පිළිබිඹු කරන්නකි. සංගීතය රසවින්දනාත්මක නිෂ්පාදනයක් මෙන් ම එදිනෙදා ඇතිවන නා නා විධ අවශ්‍යතා පූරණය කිරීමට යොදා ගනු ලබන එක් මෙවලමකි. ගායනය , වාදනය සංගීතයේ කොටස් ය.   සිසිල් ජේ ෂාප් නැමැති විද්වතා දක්වන ආකාරයට ගැමි ගායනයේ වටිනාකම කිසි කලෙකත් නොවෙනස්ව පවතින්නකි. එය මානව සංස්කෘතිය පිළිබිඹු කරන සංකේතයක් වන අතරම කාලානුරූපීව වර්ධනය වූ මානව පරිකල්පනය ද ප්‍රකට කරන්නකි. 

මේ ලිපියේ මාතෘකාව ට පදනම් වන්නේ ගැමි ගීයේ නිදහස යන්නයි. අන්‍ය ජීවිත වල පැවැත්මට හානි නොවන පරිදි රිසි සේ ජීවත් වීමේ අයිතිය නිදහසයි. ; සිතීමේ අයිතිය නිදහසයි ; කථා කිරීමේ අයිතිය නිදහසයි ; වැඩ කිරීමේ අයිතිය අයිතියයි ; ජීවිතය රස විඳීමේ අයිතිය නිදහසයි.  කැමති ලෙස ජීවත් වීමට හැමට අයිතියක් ඇත.  මේ අනුව සංගීතයට ද නිදහසක් ඇත.

වැඩක නි‍යැළෙන අතර ගීයක් මිමිණීම ඉබේ සිදු වන්නකි. බස් රියේ යන විට , මහ පාරේ යන විට ඇසෙන ගී මිමිණීමේ පුරුද්දක් අපට ඇත. පන්සලට පල්ලියට ගොස් දෙවියන්ට බුදුන් ට කවි ගයමු.  ඒ අයිතිය ට එරෙහි වීමට කිසිවෙකුටත් අයිතියක් නැත. ඇතැම්හු සමාජ මාධ්‍යයට පැමිණ ගී ගයති ; වයති ; ගයමින් වයති. ඒ ඒ අයගේ නිදහසයි. ඒවා අගය කිරීමටත් විවේචනය කිරීමටත් තවත් ලෙසකට නිදහසක් ඇත.

කලාත්මක සංගීතයට මෙන් ගැමි සංගීතයට ව්‍යාකරණ සෙවීම අපහසුය. එහි විවිධතා හඳුනාගැනීම සිදු කළ හැකි වූවත් , එය අගය කළ හැකි වූවත් නිශ්චිත ව මෙසේ ‍යැයි කිව හැකි ව්‍යාකරණයක් එහි නැත. ගැමි සංගීතය පුද්ගලික නිර්මාණයකි. සමූහ ලෙස ගත්තද , ඒකල ලෙස ගත්තද එහි පුද්ගලික බව නොනැසී පවතී. එය නිදසුන් කිහිපයකින් වටහා ගන්නට උත්සාහ ගමු. 

ගොයම් කැපීමකදී කිහිපදෙනෙකෙක් ව කවි ගයමින් ගොයම් කපන අවස්ථාවක් සිහියට ගනිමු. එක් අයෙක් ගීය පුරයි.අනෙක් අය අත්වැල් ගයති. නැතිනම් එක් එක් පුද්ගලයා වෙන වෙන ම ගයති. නැතිනම් හැම දෙනාම එකට ගයති. එහෙත් ඒ ඒ අයගේ ගායනයන් සර්ව සම වන්නේ ද ; නැත. එක් එක් කෙනාගේ ඇති ගායන හැකියාව , දැනීම , කැමැත්ත, සිතිවිලි හා වස්ථාව ආදී කරුණු මත ඒ ගායනයන් එක් එක් ගායකයාට අනන්‍ය වේ.  පිරිත් පින්කමක අවස්ථාවකට යොමු වෙමු. ස්වාමීන් වහන්සේලා පිරිතේ කොටස් බෙදා ගෙන ගයති. එක් නමක් පුරයි. අනෙකුත් හිමිවරු එයට සහාය වෙති. මේ ගායනා දෙස ද බලන විට පෙනෙන්නේ එකිනෙකා අතර වන සර්ව සම ගායනයක් එහි නොවන බවය. 

ගැමි ගීය ඇතැම් විට පරම්පරාවෙන් උරුමවන දායාදයකි. මේ කාරණය අතීතයේ නම් වඩාත් ප්‍රායෝගික වූවකි.  අම්මා දරුවන් නැළවිලි ගී කියමින් නළවන්නීය. ඇගේ සෙසු වැඩිමල් දියණියෝ ඒව අසා සිට හෝ වුවමනාවෙන් ම කියවාගෙන අසා පාඩම් කරගනිති. තමන් මව්වරුන් වූ පසු ඔවුන්ට ඒවා භාවිතයට ගත හැකිය. ඒත් පසුකලෙක ඔවුන් ගයන්නේ පෙර දිනක තමන්ගේ මව් ගැයූ ගීයම ද ; නැත. ඔවුහු ඒ ගී තමන්ගේ කැමැත්ත පරිදි වෙනස් කරගනිති. පැදියේ පදයක් මතක නැතිනම් නව පදයක් යොදා එහි හිස්තැන් පිරවීමට කිසිසේත් නොපැකිලෙති.  ගායනයද එසේමය. තොවිල් පළක , මඩු පොළක ගුරුන්නාන්සේ ගැයූ ගී තවත් දිනක ගෝලයා ට තරමක වෙනස් කර කියන්නට ද පුළුවන.

ගැමි ගීයේ මේ ගති ස්වාභාවය නිදහස  යන යෙදුමෙන් දැක්වීම සුදුසු ය. එය සීමා වලින් බැඳී නැති අපූර්ව  සංකල්පයකි. මෙහි ඇත්තේ පොදු හැඩයක් මිස එක් විශේෂිත නිපැයුමක් නොවේ. අප ශිල්පීය සංගීතය , කලාත්මක සංගීතය (Art Music) ලෙස හඳුනාගනු ලබන සංගීතයේ ද මේ කාරණය යම් ප්‍රමාණයකට අඩංගු වන බව කෙනෙකුට තර්ක කළ හැකිය. එය සාවද්‍ය නොවේ. ගායකයෙකුට තමන්ගේ හෝ හෝ අවසර ලත් පසු අනුන්ගේ ගීයක් වුව යම්යම් වෙනස් කිරීම් වලට ලක් කර නැවත ගැයීමේ හැකියාව ඇත. වාදකයෙකුට ද සංගීත නිර්මාණකරුවෙකුට ද එසේමය. 

එහෙත් මෙහිදී එක් ගැටළුවක් පැන නැගේ . කලා සංගීතයේ මූලාකෘතියක් (Original) ඇත. එනම් මේ ඒ ගීයේ පළමු මෙන් ම නියම නිර්මාණය ලෙස දැක්විය හැකි නිමැවුවක් ශේෂ වී පැවතීමයි. අනවසර නව නිෂ්පාදනයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි ඒ නිසාය. එහෙත් ගැමි සංගීතයට එවැනි මූලාකෘතියක් නැත. එය වෙනස් කළා ‍යැයි නීතිමය ප්‍රශ්න නගන්නට අය නැත.  කැමති ලෙස ගැයිය හැකිය ; වැයිය හැකිය. ඒ ඒ සම්ප්‍රදායයන්ගෙන් රැගෙන ආ හැඩතලයන් පිළිබඳ සදාචාරාත්මක කරුණක් පමණි එහි ඇත්තේ. 

එහෙත් ඇතැම් කලා සංගීත ප්‍රවර්ගයන්ගේ මේ අභිමත පරිදි යොදා ගැනීමේ හැකියාව මුඛ්‍ය ලක්ෂණයක් වෙයි. රාගධාරී මෙන් ම බටහිර සංගීත පද්ධතීන් වල ද මෙවැනි ප්‍රවර්ග ඇත. මේ අනුව Improvisation , හෙවත් ස්ව වර්ධනය කැරෙන සංගීත ප්‍රවර්ග ද නැතුවා ම නොවේ. එහෙත් ඒවා ක්‍රියාත්මක වන්නේ විවිධ නිර්ණායක මත පදනම් ව සීමා සහිතවය. එසේම සංගීතයේ භාවිත අරමුණු (Different perspectives) පදනම් කරගෙන ද නිදහස අහිමි වේ.

  එනයින් බැලූ කළ ගැමි සංගීතයට ඇති නිදහස කලා සංගීතයට නැති බව පෙනී යයි.  බොහෝ දෙනා තමන්ට ගයන්නට බැරි ය; වයන්නට බැරිය ; යනාදී වශයෙන් දුක් වෙති. එහෙත් මෙකී දෘෂ්ටි කෝණයෙන් බැලුවහොත් ශිල්පීය ගායකයෙකු , වාදකයෙකු වන්නට නොහැකි වූවත් කැමති අයෙකුට ගැමි ගායකයෙකු (Folk Singer) විය හැකිය. ගැමි වාදයෙකු (Folk Player) විය හැකිය.පාසලේ විවේක වේලාවේදී , සාදයකදී වැනි අවස්ථාවල දී මතු ව එන්නේ මේ හැකියාවයි.  තමාගේ ආරකට ගයා වයා සතුටු විය හැකිය. එයට විවේචන ඉදිරිපත් කිරීමට හෝ පහර ගැසීමට කිසිවෙකුට හැකියාවක් නැත. කලා සංගීතය , ශිල්පීය සංගීතය පොදු ජනතාවගේ සිත සංතර්පණය කිරීමට ඇති වූවක් වන අතර ගායකයන්ට වාදකයන්ට තම දස්කම් දැක්වීම ට තෝතැන්නකි. එහි පරම අයිතිය ඒ වෙනුවෙනුවෙන් ඇප කැප වන අසහාය සංගීත වේදීන්ටය. එසේම ගැමි සංගීතය වෘත්තීයමය , වෘත්තීමය නොවන හැමටම අයිතිවාසිකම් කිව හැකි සංගීතයකි. මේ දෙකොට්ඨාසය ම සංගීතයේ නියෝජිතයෝ ය. තම නිදහස සොයා ගැනීම ඒ ඒ අයට භාර කටයුත්තකි. 


Saturday, June 19, 2021

මානවසිංහ , ස්වාභාව සෞන්දර්යය හා ගුවන් විදුලි ගීත නාටක


 

        පරිසරය රැකීම , පරිසරය ආරක්ෂා කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇති සමයක  , මිනිසා සහ ස්වාභාවික පරිසරය අතර පවතින සම්බන්ධතාව පිළිබඳ නැවත දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතී. සංගීතය , සාහිත්‍යය  ආදී කලා ප්‍රභේද  එම කාර්යය සිදු කිරීමෙහි ලා යොදා ගත හැකි මාධ්‍ය වශයෙන් වැදගත්කමක් උසුලයි. බොහෝ නිර්මාණකරුවෝ සිය නිර්මාණයන් ට ස්වාභාවික පරිසරයේ සංසිද්ධි පාදක කරගනිති. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ එසේත් නැතිනම්  පොදු ජනයා විසින්  හඳුනාගනු ලබන මානවසිංහ කවියෙකි; ගේය පද රචකයෙකි; පුවත්පත් කලාවේදියෙකි; දාර්ශනිකයෙකි; ගුවන් විදුලි ගීත නාටක රචකයෙකි. ස්වාභාව සෞන්දර්යය කෙරෙහි මානවසිංහයන්  තුළ වූ ආශක්ත භාවය ඔහුගේ බොහෝ නිබන්ධ වලින් හඳුනාගත හැකිය.මේ අධ්‍යයනයෙන් අපේක්ෂා කරනුයේ මානවසිංහයන් විසින් රචනා කරන ලද ගුවන් විදුලි ගීත නාටකයන් ට පාදක වන ස්වාභාව සෞන්දර්ය වර්ණනා පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීමයි.

ගුවන් විදුලි ගීත නාටක යුගය ලංකාවේ සංගීත පරිණාමීය අවධීන් අතර සුවිශේෂී කාල වකවානුවක් නියෝජනය වෙයි. ගීත නාටක යන්න හැඳින්වීම සඳහා යොදනු ලබන ඉංග්‍රීසි වදන නම් රේඩියෝ ඔපෙරා යන්නයි. ෆීල්ඩ් (Field,2017) සඳහන් කරන ආකාරයට ගීත නාටක පෙරදිග සහ අපරදිග සංගීත සම්ප්‍රදායයන් දෙක ම ආභාස කොටගෙන නිර්මාණය කරගන්නා ලද නවමු කලාංගයකි.  බටහිර සම්භාව්‍ය ඔපෙරා සංගීතාංගයේ ද , උත්තර භාරතීය රාගධාරී සංගීතයේ හා නූර්ති ගීත නාටකයන්ගේ ද ආභාසය ගුවන් විදුලි ගීත නාටකයන්ගේ දක්නට ලැබේ.(හඬ , 2013) පැයකට ආසන්න කාලයකට සීමා වූ ගුවන් විදුලි ගීත නාටකය මුළු මනින් ම හෝ වැඩි වශයෙන් ගීත හා කවි ගායනයන්ගෙන් සමන්විත වූවකි. ලාංකේය ගුවන් විදුලියේ ප්‍රාරම්භක කාල වකවානුවේ ආරම්භ වූ ගුවන් විදුලි ගීත නාටක සම්ප්‍රදායයෙහි නිර්මාතෘ ලෙස අවිවාදාත්මක ව සැලකිය හැකි වන්නේ මානවසිංහයන් ය. 

       මානවසිංහයන් විසින් පළමු වරට ගුවන් විදුලිය සඳහා ගීත නාටකයක් රචනා කරනු ලැබ විකාශය කරන කරන ලද්දේ 1955 දෙසැම්බර් මස අට වනදා ය. තේවිස් ගුරුගේ විසින් නිෂ්පාදනය කරන ලද 'මනෝහාරී 'නම් වූ එම ගීත නාටකයෙන් පසු පහළොවකට අධික ගුවන් විදුලි ගීත නාටක සංඛ්‍යාවක් ඔහු විසින් රචනා කරන ලද්දේය. සෝණ ගංතෙර , උල්පත , රණගුරු , සලීලා, ශ්‍රී වල්ලි , විශාඛා , අනංගායනය ආදී නිර්මාණ ඒ අතුරින් ප්‍රමුඛ වෙයි.

මානවසිංහගේ ගුවන් විදුලි ගීත නාටක සරල එහෙත් රසවත් තේමා රැගත් නිර්මාණයන් ය. එම බොහෝ නිර්මාණයන්ට පාදක වන්නේ ස්වාභාව ධර්මය සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවයි. මනෝහාරී නම් ඔහුගේ ප්‍රථම ගීත නාටක රචනයට ද පාදක වන්නේ මෙම කාරණයයි. ස්වාභාවධර්මය පිළිබඳ අපූර්ව වර්ණනාත්මක කෘතියක් වූ මෙහි කල්පිත චරිත නිර්මාණය කර ඇත්තේ පහත පරිදි ය.

සෝම කුමරු - චන්ද්‍රයා

සළු නැටුම - මීදුම ගැලීම 

ජගත් පති - ලෝකය

දිවාපති - සූර්යයා

වසන්ත පුරය - වසන්ත සෘතුව

කිරණ භට හමුදාව - හිරු රැස්

කාල මේඝ - වැහි වළාව

හේමන්ත - හේමන්ත සෘතුව

සරද පුරය - සරත් සෘතුව 

සමීරණ - පවන

ගිම්හාන කුමර - ග්‍රීෂ්ම සෘතුව (විජේසේකර , 2013) එහෙත් field (2017) සඳහන් කරන ආකාරයට මනෝහාරිගේ චරිතයෙන් විශ්වීය සුන්දරත්වය ද , ජගත්පතිගෙන් විශ්වය ද , බිඟු සේනාවෙන් හිරුගේ රැස් ද හේමන්තගෙන් මීදුම ද අර්ථවත් කෙරේ. 

මනුෂ්‍යත්වාරෝපිතය (Anthropomorphism) මෙම නිර්මාණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. ජෛවීය පැවැත්මේ ප්‍රධාන සංඝටක වන සූර්යයා , චන්ද්‍රයා , ජීවී වාසස්ථානය වන පෘථිවි ගෝලය , විශ්වය , සෘතු භේදය මෙන් ම මනුෂ්‍යයාට සමීප ජීවීන් කෙරෙහි මනුෂ්‍යත්වාරෝපණය කිරීමෙන් මානවසිංහ උත්සාහ ගෙන ඇත්තේ මිනිසාට මෙන් ම ඒ ඒ  චරිතයන් ට ද සමාන වැදගත්කමක් හිමිවන බව පෙන්වා දීමයි.  field සඳහන් කරන ආකාරයට මානවසිංහ මේ නිරූපණය කර ඇත්තේ ස්වාභාවික ලෝකයේ විභවයන් ය.(2017) ජගත්පතී නම් මනෝහාරිගේ පියා ය. මනෝහාරී සෝම කුමරු හෙවත් චන්ද්‍රයා ට ප්‍රේම කරයි. එහෙත් ජගත්පති විසින් මනෝහාරී දිවාපති හා ආවාහ කර දීමට යෝජනා කර තිබේ. දෙදෙනා නික්ම යන්නට පෙර ගයන මෙම ගීය උත්ප්‍රේක්ෂාලංකාරයෙන් යුතු ය. 


'සෝම කුමරුන් සඳේ වේශෙන් 

රැයෙ හි සුවයට ඉඩතියා

නිහඬ වී සිටි කුරුල්ලෝ දැන්

අවදි වෙති ගී ගය ගයා


සියලු මල් කැන් පුබුදුවන මුදු

සිනා රැළි ඔබෙ මුව බලා

අමා විල් මල් පාරුවෙන් බැස

කෝම යන්න ද පා නගා........


දිවාපති ගේ කිරණ හෙබවූ

රුදුරු හිරු කැන් මුලු දෙසේ

ඔහුගෙ සක් හඬ ඇසෙයි ලං වී

යන්න නම් අද ඉඩ නැතේ


රැගෙන වේගෙන් සළු පෙළින් අපි

මුවා වී යමු සොඳුරියේ

ගලා එන කිරි මුහුද වාගේ

එන්න මගෙ පෙම් මිහිරියේ '

 මෙතැන ඇත්තේ වඩා සුන්දර දහවල ද රාත්‍රිය ද යන්න පිළිබඳ ගැටළුවකි. රචකයාගේ දෘෂ්ටි කෝණයට අනුව දහවල ට වඩා රාත්‍රිය සුන්දර ය. එම අදහස ඉදිරිපත් කර ඇති ආකාරය නිර්මාණාත්මක ය. ෆීල්ඩ් (2017) ට අනුව එය චන්ද්‍රයා බැස ගොස් සූර්යයා උදා වීම සංකේතාත්මක ව ඉදිරිපත් කිරීමක් ලෙස ට ද අර්ථකථනය කළ හැකිය. 

මානවසිංහ විසින් රචනා කරන ලද උල්පත ගීත නාටකයේ එන 'ප්‍රේම  තටාකේ මේකයි මැණිකේ 'ගීතය ද ස්වාභාවික ලෝකය හා මිනිසා අතර ඇති අන්තර් සබඳතාව ප්‍රකට කරයි.  වජිරා බාලසූරිය හා ඩබ්.ඩී.අමරදේව මෙම ගීතය ගායනා කරන අතර කථාව සඳහා පාදක වන්නේ ඓතිහාසික ප්‍රවෘත්තියකි. රජරට ආක්‍රමණය කරන මාඝ රජු සමඟ පැමිණෙන කේරළ භට පිරිස සතර අත සිය බලය පතුරුවති. මේ අතර විජයබා කුමරු සතුරන්ගෙන් මිදී වන්නියට පළා ගොස් එහි ගම්වැසියන් හා එක් ව මහා වැවක් නිර්මාණය කරයි .එයින් ගම සශ්‍රීක වෙයි.මෙයින් උදම් වන චම්පා සහ මලයවීර වැව් ඉවුරේ හිඳ මිහිරි ආස්වාද විඳිමින් ප්‍රීති වෙති. මේ ගීය ගැයෙන්නේ එම අවස්ථාවේ දී ය.

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ 

ආදර රැල්ලයි අර දිව යන්නේ

අභිමන් අභිමන් කියලයි මැණිකේ

ඒ රැළි මේ වැව් ඉවුරෙ හැපෙන්නේ


මගෙ පෙම් කෝකිලයෝ නුඹෙ ගීතේ 

තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ 

පියුමට පියුමක් හැපෙනව දැකලයි 

හංස පැටව් මේ හැටි දඟලන්නේ


මේ පද මාලා උත්ප්‍රේක්ෂාලංකාරයෙන් යුතු ය. එසේ ම සරල බස් වහරකි ඇත්තේ. පෙම්වතාගේ හඬෙහි සුන්දරත් වය මානවසිංහයන් දකින්නේ කෝකිල කූජනයක් ලෙසිනි. මගෙ පෙම් කෝකිලයෝ යනුවෙන් ඔහු යෙදුවේ එහෙයිනි. වැව් දිය රළ හැපීම , නෙළුම් ආදී මල් සුළඟට වැනීම , හංසයන්ගේ චර්යා මේ පණැති , පණ නොමැති හැම දෙයක ම කිසියම් සජීවී භාවයක් තිබෙන බව ඒත්තු ගැන්වීමට මානවසිංහයන්ට අවශ්‍ය ව ඇත්තා සේ ය.


මානවසිංහ 'සෝණ ගංතෙර 'නැමැති නාටකයට (ඇතැම් මූලාශ්‍රයක මේ ගීය විශාඛා නාටකයට ලියූ බව ද සඳහන් ය.) ලියූ සුළඟ හමයි ගීය ද  ස්වාභාවික ලෝකය පිළිබඳ ලියූ වර්ණනාත්මක ප්‍රකාශනයකි.


'සුළඟ හමා ළපලු නටයි

රහස් කියා ආදරේ

ලලිත ලතා මඬුලු පිපී

සෝණ නදී ගංතෙරේ


තඹර වැවේ ගුමුගුමුවේ

රැව් පැතිරෙයි දස අතේ

ඔබේ මිහිරි කොවුල් හඬින් 

නාද ඇසෙයි වන පෙතේ'


සුළඟ ට ළා දළු පත් සෙලවෙන්නේ ප්‍රේමයේ රහස් කියන්නා සේ ය.තඹර වැවේ ගුමුගුමු වේ ... යන ප්‍රකාශය අතිශයෝක්ති වර්ණනයකි.කෙසේ  නමුත්මෙම ගීයෙන් ද ස්වාභාවික සෞන්දර්ය වර්ණනා කැරෙන අතර ම එහි සජීවීභාවය ද ප්‍රකට කෙරේ. 


1958 වෙසක් උත්සවය වෙනුවෙන් මානවසිංහ ලියූ උල්පත නාටකයේ ම එන මේ කවිය විශේෂ ය.


'වනය මැද ගමකි දැන් සව් මිතුරු බර 

සැලෙයි අවට කෙත්වත් සුළඟින් නිතර

මලයවීර චම්පා දෙදෙනා අතර

නැගෙයි මිහිරි ගී රැව් මත වැව් ඉවුර'


මෙහි ද අැත්තේ පරිසර වර්ණනයකි. හංස සන්දේශයේ  157 වන කවිය මෙසේ ය.


'පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත් අවට

ඇසෙයි ළමා වහු පැටියන් හඬ දුරට

දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට

  රසෙයි අමා රසයම ඒ පියස දුට '

(හංස සංදේශය (සංස්.) ,1954 ) පාරිසරික වර්ණනා ඉදිපත් වන මේ කවි දෙකෙහි අාකෘතියෙහි කිසියම් සමානතාවක් ද පෙන්නුම් කරයි.  ප්‍රේමය වැනි සංකල්පයක් ප්‍රකාශ කිරීමට මානවසිංහ ගොඩ නගන  සංදර්භය ද පාරිසරික සෞන්දර්යය කුළුගැන්වෙන සුළු වූවකි.


මානව හිතවාදී , පරිසරකාමී නිර්මාණකරුවෙක් වන මානවසිංහයන්ගේ නිර්මාණ බොහොමයකට පාදක වී ඇත්තේ සොබාදහම සහ මනුෂ්‍යයා අතර ඇති අන්තර් සම්බන්ධතාව වන අතර යට කී ගුවන් විදුලි ගීත නාටක ගීත වලින් ද එම කාරණය වඩාත් තහවුරු වෙයි. මනුෂ්‍යයා හට ඔහු අයත් ජීවී පරිසරයෙන් වියුක්ත වීමට නොහැකි වන්නා සේම එයට එරෙහි ව නැගී සිටීමට ද හැකියාවක් නොමැත්තේය. සිදු කළ යුතු වන්නේ පරිසරයට ආදරය මුදා හැරීමයි. දයාව මුදා හැරීමයි. පරිසරයේ විපුල ඵල භුක්ති විදින අතර ම ජීවී අජීවී ලෝකයේ පැවැත්ම තහවුරු කිරීමට හැකි අයුරින් දායක වීමයි. එසේ නොකළ කල්හි මිනිසාට ද පැවැත්මක් නොමැති බව දැන් දැන්  පරිසරය  කියා දෙමින් සිටියි. රැකිය යුත්තේ අප පමණක් නොවේ. රැකීමට (To survive) සෑම ජීවිතයක ට ම අයිතියක් අැත. මනුෂ්‍යා මේ භූමියේයේව සාමාජිකයෙකු පමණක් මිස උරුමකරුවා හෝ හිමිකරුවා නොවන බව අප අවබෝධ කරගත යුතු ය. මානවසිංහයන්ගේ නිර්මාණයන්ගෙන් ප්‍රකටකරන්නට උත්සාහ කැරුණු  පරම සත්‍යය  වන්නේ ද එයයි.


මූලාශ්‍රය


ආරියරත්න සුනිල් , 2008, මානවසිංහ ගීත නිබන්ධ , නව මුද්‍රණය , ගොඩගේ ප්‍රකාශන , කොළඹ 

ඇහැළියගොඩ බණ්ඩාර , 2016.07.31, සත්මඬල - සිළුමිණ , ලේක් හවුස් ප්‍රකාශන , කොළඹ

බණ්ඩාර තිලකරත්න  , 2013 , හඬ , පළමු මුද්‍රණය , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ප්‍රකාශන , කොළඹ

රාජපක්ෂ සමීර , 2008, හෙළ ගී විසිතුර , පළමු මුද්‍රණය, කර්තෘ ප්‍රකාශන , කොළඹ 10

හංස සංදේශය ,ගම්මන්පිල ඩී.සී.(සංස්.),1954 ,සමයවර්ධන ප්‍රකාශන , කොළඹ

Field Garrett , 2017, Modernizing Composition : Sinhala Song , Poetry , and politics in Twentieth Century Sri Lanka , 1 st pub., University of California press , USA

Field Garret , 2012, The Sinhala Radio Opera and the Indian Cultural Imagination (Lecture Paper),university of colombo , 

https://www.academia.edu/3888576/The_Sinhala_Radio_Opera_and_the_Indian_Cultural_Imagination

Tuesday, March 16, 2021

දුකට කියූ ගී

 දුකට කියූ ගී



Culture And Music Blog අඩවියෙන් අද තවත් සොඳුරු සාකච්ඡාවකට මුල පුරන්නට අදහස් කළෙමු.  සාම්ප්‍රදායික ගැමි ගීය පිළිබඳ බොහෝ අවස්ථාවල දී කථා කෙරෙනු අපි දැක ඇත්තෙමු.  ගයනවා අසා ඇත්තෙමු.කුමක් ද මේ ගැමි ගීය ? ජන ගීය නැතහොත්  ගැමි ගීය යනු අපි අප ම නැවත කියවා ගැනීමක් ලෙස ය මා දකින්නේ .  

         ඇතැම් තැනෙක නොදියුණු ගැමියා එදා සිය සිතැඟි ප්‍රකාශ කරන්නට යොදා ගත් මාධ්‍යයක් ලෙස ගැමි ගීය හඳුන්වා දී ඇත. එහෙත් ඒ මතයට  ඉඳුරා එකඟ විය නොහැකි ය. දියුණු නොදියුණු යන යෙදීම් සාපෙක්ෂ යෙදුම් ය. එක් එක් සමාජීය චින්තන ප්‍රවණතාවයන් ට අනුව සංවර්ධිත / දියුණු හෝ අසංවර්ධිත / නොදියුණු යන වදන් භාවිත කළ හැකිය. චින්තනයේ ස්වභාවය අනුව ගතහොත් එකළ සමාජය වර්තමානය ට සාපේක්ෂ ව සංවර්ධිත වන බව ද කිව මනා ය.  සංවර්ධිත යැයි කියැවෙන ලෝකයක වුව  සිදු වන ග්‍රාමීය , නිහීන කාර්යයන්හි අඩුවක් දක්නට නැත්තේය. කෙසේ වුවත් මේ විවේචනයන්ගෙන් බැහැර ව අද කවි ගී "ගොඩක් " පිළිබඳ ව නොව එක් ගීයක් පිළිබඳ පමණක් සාකච්ඡා කරමු.


" ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ 

දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ 

රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ 

දුප්පත් කම නිසයි මං පැල් රකින්නේ "


මේ කවිය ඔබ මීට පෙර අසා ඇති බවට කිසිදු සැකයක් නොමැත.    සීලවතී නම් මගේ මිත්තණිය' ඉස්සර කථා ' කියද්දී මේ ගීය කියා දුන් බවට මතකයක් මට ඇත. තුන වසරේ දී සිංහල ඉගැන්වූ ගුරුතුමිය ද මේ ගීය ඉගැන්වූවා මතකය. පැරණි පාසල් පෙළ පොතක ද තිබ්බා මතකය.  එබැවින් මේ ගීය ඇඟට තරමක් පත්තියම් වූ ගීයකි. කුමක් ද මෙයින් කියැවෙන්නේ ? ඔබ හරි ය! පැලේ ගොයම් රකින මනුස්සයෙක් කියපු කවියක් ය මේ. අනේ පව් ! මෙසේ ද සිතී ඇතුවාට සැකයක් නැත. එසේනම් දැන් කියන්නට යන්නේ මේ ගීය පිළිබඳ මගේ කියවීමයි.

     'ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ ' මේ ගීය ගයන්නේ අහිංසක ගැමියෙකි. මා මෙහි අහිංසක යන යෙදුම සිතාමතා ම ඇතුළත් කළෙමි. අපේ ආච්චි අම්මා කියා ඇති අන්දමට කුඹුරු කෙරුවා ව ලේසි පහසු නැත. එහෙත් එය නරක ම ද නැත. (මා උපදිද්දී සීයා ජීවත්ව සිටියානම් කුඹුරු කෙරුවාව පිළිබඳ ඔහුගේ ද අදහස මෙහි  කියන්නට ඉඩ තිබිණි.) මේ කවිය ගයන කථකයා ද ගොවිතැනින් ජීවත් වන්නෙකි. සිංහල විශ්ව කෝෂයේ දැක්වෙන ආකාරයට සාම්ප්‍රදායික ශිල්පක්‍රම භාවිත කරමින් තම පවුලේ ශ්‍රමය යොදා ජීවිකාව ලෙස වගා කටයුතු සිදු කරන්නේ ගොවිතැන ලෙස හඳුන්වා දී ඇත. (මෙයට වී ඇතුළු අනෙකුත් බෝග වගාව ඇතුළත් කළ හැකිය.) ලංකාවේ සංස්කෘතික සංදර්භය තුල සියවස් ගණනාවක පෙර සිට ම ගොවිතැනට ලැබුණේ වන්දනීය ස්ථානයකි. 'මඩ හෝදා ගත් කළ මෙහි ගොවියා රජකමට වුව සුදුසු' බැව් රොබට් නොක්ස් නම් විදේශිකයා එදා හෙළදිව කෘතියේ ද කියා ඇත. එසේනම් සත්‍ය වශයෙන් ම මේ ගීයෙන් කියැවෙන්නේ අර ගැමියා විඳි වේදනාව පමණක් ද ?

       පොළෝ කොටා , ලියැදි බැඳ, වතුර හරවා, මඩ කර බිත්තර වී ඉස පැළ කොට පලදාව ලබන්නට සෑහෙන කාලයක් ගත වන්නේය. ඒ කාලයේ දී  වී බෝග දරුවන් මෙන් රැක ගන්නට ඕනෑය. මව්පියන් ද බොහෝ දහදුක් විඳ දරුවන් හදති. ඒ දරුවන් ලොකු මහත් වී නාඹර ගැටව් ගැටිස්සියන් වනවා දකින විට මව් පියන්ගේ ද හිත් ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් ඇළලී යයි.  (ඔවුන් දරුවන් අයාලේ යන්නට නොදී  රකින්නට වෙන මහන්සිය ගැන වෙනම කථා කළ යුතුය. ) මෙවැනි අහිංසක සතුටක් ය අර ගොවියා ට ද දැනුනේ. රන් වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වෙන විට හිමවතත් ලස්සනට පෙනෙන්නේය. සත්‍ය ලෙස ම අපේ ගැමියා සොබා දහම ට ආදරය කරමින් එය රස විඳි අන්දම අපූරුය. අදට වුවත් ගම්බද පළාතක අස්වනු නෙළන කාලයක තිබෙන සුන්දරත්වය වනන්නට වදන් අමුණා ගැනීමටහැකි වන්නේ අසීරුයෙනි.  මේතරම් සුන්දර ගොයම් යාය කන්නට එන්නේ කවුදැයි කථකයා කියයි. අලි ! 

      අලි ගැන කථා කරන්නට ගොස් අලිකරදරයක වැටෙන්නද පිළිවන. කෙසේ නමුත් මේ අලි කන්නට එන්නේ අර ගැමියා බොහෝ වෙහෙස මහන්සි වී රැකගත් ගොයම් පංගුවය. ඉතින් එවැනි මොහොතක හූ කියා හෝ , ගිණි ගසා හෝ , අහසට වෙඩි බැඳ හෝ අලි එළවනවා මිසක කවි කීමෙන් නම් පළක් නැතිය. දුක් දෙන අලි පළවා හැරි නමුදු අර ගොවියාගේ හිතට හරි නැත.  ඒ නිසාය තමන්ගේ දුක දෙවියන්ට කියන්නේ. මේ කාරණයට අඩු වැඩියටත් එක්ක ම තවත් කථාවක් කියන්නෙමි. (මේක අපේ තාත්තා කියූ කථාවෙකි.) 

" ඉස්සර මිනිස්සු වගා කරන්න කැළෑ එළි කරනවා. ඉතින් මේ කැලෑ වල බිම හදාගන්නත් එක්කම  එකපාර යායකට ම  ගිණි තියනවා. මෙහෙම ගිණි තියන්න කලින් මිනිස්සු හයියෙන් හූ කියනවා.නැත්තන්  එක එක සද්ද දානවා.ඒ කරන්නෙ කැළෑවෙ වදුලෙ සතා සිව්පාවා හැංගිලා ඉන්නවනම් එළවන්න. මෙම කෑගහල ගිණි තියල ඉවර වෙලා බලද්දි සමහර වෙලාවට පොඩි පොඩි සත්තු , වඳුරො එහෙම ගින්නට පිච්චිලා මියැදිලා ඉන්නවා. ඉතින් මේ වැඩකරන ඈයොන්ට හරි දුකයි. ඒ අය ' මන් උඹලට කිව්වනෙ පණ බේරගෙන යමල්ලා කියල . ඕං මට පව් නෑ'  මෙන් න මෙහෙම කියලා හිත හදාගන්නවා."

මෙවැනි අදහසක් ය අර ගැමියාට ද ඇතිවුණේ. ලංකාවෙ ගැමියෝ බෙදාගෙන කන්නට සූරයෝය. තමාට යහමින් තිබේ නම් සතා සිව්පාවට වුව ටිකක් දෙන්නට ගැමියා ලෝබ නැත. පෙර කළ කුරුළු පාළුව කියා කොටසක් ද වෙන් කැරුනේ එහෙයිනි. එහෙත් අලින්ට කොයිද පංගු පේරු! දෙවේල කන්නට යම්තම් වගා කර ගත් බෝගය රැකගන්නට අලි රාළහමිලා එළවන්නට සිදු වූ නිසා මේ ගොවියා සිත්තැවුළෙන් ය. මේ සියල්ල කීමෙන් පසු අවසානයට ඔහු කියන ප්‍රකාශයද වැදගත් ය. "දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ"

මේ ගැමියා සැබෑවටම දුප්පතෙක් නොවේ.අද මෙන් නොව එදා පැවති ඉහළ ම රැකියාවකි ගොවිතැන. අදට ද නැති යැයි කියන ඇතියවුන් කොතරම් නම් ඇද්ද ?  මොහු ට ඇති දුක තමා උපයාගත් දෑ රිසි ලෙසින් බෙදා හදා ගැනීමට ඇති නොහැකියාවයි. ඔහු දෙවියන් ට හෝ පවසා තමා තුළ ඇති වූ වරදකාරී හැඟීමෙන් මිදෙන්නට තැත් කරනවා විය යුතුය.  ඒ අතින් ඔහු සොඳුරු මිනිසෙකි.

     අද කාලය ගත් විට නම් ඔබේ මතයට මම ද එකඟ වෙමි. අද ගොවිතැනෙන් රජ වනු තබා බඩ වියත රැකගන්නට ද ලොකු සටනක් දෙන්නට වී ඇත. බොහෝ වියදම් කොට කරන වගාවෙන් ලබන අස්වැන්න විකුණාගැනීමට නොහැකිව පාරේ උද්ඝෝෂණ සිදු කරන ගොවි මහත්ම මහත්මීන්ට  මේ ගීය හිතේ දුක නිවා ගන්නට හෝ පිටිවහලක් වනු ඇත.  ඒ ගොවියන්ට ද මම 'අහිංසක ' යන හෘදයාංගම යෙදුම විශේෂණයක් ලෙස යොදනු කැමැත්තෙමි. 

කෙසේ නමුත් මේ ගීයේ උසස් මානව අගනාකම් ගැබ් ව පවතින බව අපට හඳුනාගත හැකිය.  ආත්මීය මනෝභාවයන් වදන්වලට පෙරළා හිතේ බර සැහැල්ලු කරගත් ඔවුහු සැබෑම කවියෝ නොවන්නේ ද ? 

Saturday, March 13, 2021

The Kiri Amma Shanthikarmaya and Goddess Pattini

 A study about ‘The Kiri Amma 

Shanthikarmaya and Goddess Pattini ’ 

By

 Kavindu Subash Galkotuwe

BA (Hons.) Music and Cultural studies, Sangit Visharad , Dip in English

Subashkavidhu1@gmail.com

Introduction

           Kiri Amma shanthikarma or Kiri danaya is a very famous ritual in Sri Lankan cultural context. It can be found from both Sinhalese and Tamil indigenes society with some changes. However this ritual as the other sacrifices  mainly focus to save people from varies diseases  which can hurt to the lives of rural people. In this article we hope to discuss the cultural background of kiri amma Shanthikarmaya and the traditional poems of that ritual.

Definition

          In Sri Lankan context, the term of Kiri Amma has several meanings.  Literary the meaning of Kiri amma emphasizes the idea of ‘Milk mother or breast feeding mother’.  According to another definition, a woman who nearly gave birth to a child is called as kiri amma. But some people say that, kiri amma could be considered as an old woman who has children and grand - sons. If a women who hasn’t a child, so she could not participate for this event. (Dharmadasa ,2005, 148 page ) Though a matrimonial lady who cannot participate as a Kiri Amma  to the shanthikarma , there is no obstacle for her to contribute or donate to the Puja (ritual) , receive blessings from Milk mothers (kiri Amma) and eat the foods of puja.  Moreover, we can think that term of kiri amma  must belongs to either a young mother or an old women who has given birth to children. Also that can assume this ritual consists of full of women. However according to the traditions followed in some  , a very few of men are joined with Kiri Dana .They called as ‘Kiri Appas’ 




The Goddess Pattini 

            This ritual is  some kind of Alms  that goddss paththini or Paththini Amma  is worshiped . Who is paththini ?  Sri Lankan people believe that goddess paththini is the ideal of the community of women. Also she is known as the goddess of reciprocity and purity .According to some myths and legends she was an ordinary women before  becoming a goddess named Kannagi or Kannahi . Her husband who named’ Kovalan ‘ was sentenced owing to unfair penal guilty , because the king judged him as the thief of his wife ‘s  Golden foot moth. After her husband‘s death she proved that her husband was innocent. She could not bear this unfair so she cursed to all of them except Old people, Cows, women and children . She amputated her right breast and beat on the ground. After  few days she has died, and became a goddess.  

Worshipping goddess paththini in Sri Lankan Context.

              Worshipping to paththini in Sri lanka has a long history. According to Mahawamsa , the old book says  that the day which began to worship paththini devi was the Era of Anuradhapura - days of King Gajabahu. Historical sources says King Gajabahu  invaded a Small zone of India named Pandya Desa , with his brave giant ‘ Neela maha Yodaya ‘ After that invading he took the battle of 20000 army from the king of Pandi  and the foot moth (Paa salamba ) of goddess paththini , again arrived to the Sinhala Deepa or Sri Lanka. That day the worshipping to paththini devi was established in Sri Lanka.  

                                                        

                 Though the Paththini is a Hindu goddess, In Sri Lankan people believe that she will obtain the Buddhathva or Buddhist Enlightenment in future. That fact is not only regard to the paththini  , but also for the many Buddhist gods in sri lanka. People believe that Godess Pattini has a huge power to rescue them from evil. This poem is an example for that.

“ Utun Kula Deviyo – Nam lat patini Deviyo

Madura Ma Deviyo – Me apa rakaden Patini Deviyo “ (Fernando , 1910 ,1st page)

Meaning – May the Goddess Pattini , the ruler of Madurai ,who is known as the God of the noble caste, free us from this Misery.

. Kiri amma ritual is not the only one that pray to god paththini.  Among the 3 ,main conventional traditions of Sinhala dancing and Yatukarma ,  they are some of the festivals that praise and pray to paththini  such as devol madu , gammadu , Kohomba yak kankariya , Kiri madu , pahan madu  etc. (Saddhajeeva ; et al ,1974) Many poems are sung based on her in that festivals. Here at the end of this article I attached some of them.  


 ‘Galeni jaleni maleni suraba pathini upanna 

Galeni daleni saluveni ek varaka upanna

Evani saveni sathaveni vara abeni upanna

Mevani pathini thedini melak diva babalanna’

Here I has stated the brief idea of above poem .  (‘The goddess paththini was born from A Stone , water , flower .Again she was born from flame , cloak . Like that she was born from seven times. This island is shining from her pride.’)

               People think that goddess pattini is always ready to conserve mainly the children, women, and partially others . When someone is suffering from an epidemic, normal flue or any other disease they beg of paththini to protect their children , promise god to give a Kiri Dana completion of the recovery process. That promise is called as A ‘Baraya.’ In the occasion of baraya , they reserve a coin to the name of paththini. When the Kiri Danaya hold, the baraya is completed and the coin put in to a Temple or God temple.


The order of Kiri Danaya 

              When the day coming near to offer the kiri Danaya, people modify and clean the houses and make sweets like ‘ Kiri Kavum ‘.  The special thing is the all items which are made by women   for the  kiri Danaya mostly consist of Milk or coconut Milk. That’s why we do call it as Kiri Danaya . (Milk Alms) The women of the family invites to  7 or 14 or 21 Kiri Ammas because they think number 7 has an Unique  power. Also as above mentioned, they consider that paththini has born seven times from different roots and it is called ‘Satpattini’. So they think number of 7 and its multiplications are best.

Listen to this audio, The source person of this conversation is Mrs.Kamani Weerasinghe who lives in Gampaha Asgiri Walpola , Udugampola , Sri lanka .  She is an experienced Kiri amma who has joined  several Kiri Danas. She describes the agenda of this ritual and the main customs of same. According to her usually, early in the morning the seven or fourteen number of Kiri Ammas come to the relevant house in white dress. They have no permission to enter the home without owner’s invitation . and until  the main Milk mother is arrived to the relevant home . Before they enter to the home they should wash their feet and sings several poems  . Eg: That poems emphasize the nature of Kiri ammas , asking permission to enter the home and praying blessings to the goddess paththini. When they come in to the home , they sit on the traditional flour carpets (Paduru) In some zones they Doing the milk rising  ritual. (Kiri Ithiraveema)In some areas this is done in a completely ritualistic manner and there are occasions when the main breastfeeding mother wears a yellow sari. However, the big breastfeeding mother has a special place in the group.

                 The owner of the house invites them by serving a glass of water to eccept the Danaya . After that members of the home present the Kiri Bath , Kiri Aluva , Kiri kavum and other sweets and goods to Kiri Ammas .Specially they have to prepare a plate for goddess pattini in a particular table. Kiri Ammas  are given 7 seven pieces of each sweet and kiribath.  In some areas Kiri ammas are given an envelope with some money. After the serving all offerings the Main kiri amma or Maha kiri Amma begins to sing hymns to  Lord Buddha, to all gods especially Mother Paththini. They observe the five virtues and pray Lord Buddha and Gods . The important part of this stage is the singing some poems about the varies origins of paththini and poems for the twelve months (Dholos mahe kavi).

“Niritha dige paththini devi vadinne 

Niritha dige sita divas helanne

Sudda athuva dena dan piliganne

Sidda pathini devi me pin ganne”

The meaning of this poem , we can deliver as this,

(Paththini Devi comes from the southwest. She observes the world from her divine eye. She admits the pure alms of prayers. May she take all the Kusalas (According to Buddhist context people can earn pin or Kusala , when they are doing good things. Also some academics say that pin is the inner great happiness which man can be obtained.) 



 Listen to this recording, a poem of Dholos  Mahe Kavi . This poem is sung by Mrs, Indra Virasagoda (Age 65) who lives in Awissavella Maththamagoda Kannaththota, Sri Lanka. Though she is too old to sing yet her voice is very peacefully and charming.

Next they eat the Dane (offered food items), and drink a cup of tea of coffee. After  getting food , they pray  god paththini  by singing another songs and poems to save the all people who join with this ritual. They already have prepared a table of seven kiri bath ketas (Milk shake cubes), seven kavums ,seven kiri aluvas , sweets, fruits  and others . look at this picture . Also there are seven or fourteen lamp wicks (Pahan thira). They takes  all the wicks one by one each and raise their hands to above and top  sings another set of poems and hymns for each person at home .Finally they take all the food items offered to them  and leave from the relevent home . There also have several traditional poems to say when  leaving from the relevant home.

Poetic Literature of Kiri Amma Shanthikarmaya

             This ritual contains rich poetic literature. Though that literature is originated from the folk mind and cultural background, here we can see a very developed rich language and poetic craftsmanship. Some one could argue the reason for that is should be the roots of Indian culture since paththini is an Indian women. (Later a god). All of poems express the devotion to Buddha and gods and praying good for others. It expresses that how much they are bound with their  believes. Mainly the poems of kiri dana could be divided in to several categories.

Poems which express the religious facts ( about Lord Buddha, Godess paththini and related myths and legends , praying to all gods )

Poems which show the rural believes  (auspicious omens ,customs that is used in Kiri danas ,) 

Poems which emphasize the folk culture (Their food culture , clothings , verbal differences , similes and parables )

Poems that express the social context (The nature of a women , Advices which are given by elders )

As mentioned before said, main theme of this rituel is worshipping goddess paththini. In addition it has a Buddhist background. Although It is rare that worshiping a goddess in Sri Lankan culture than gods, people sacrifice many pujas for her and try to get blessings from her. .Why do they praise to god because they believe for that   praising , singing poems and hymns ,  the evil will be destroyed.  Their life is very unstable, They have no one to say about their grievance except god because the whole problems never come with prior informing. As an example in past when a child is suffering from a dreadful disease ,if there isn’t a doctor the only thing that they could to do is praying to the god. This is the basic reality contained in the Kiri amma Shanthikarma Songs too. According to some poems , that emphasize the believes in auspicious omens.

Eg : This poem is caught by the conversation with Mrs.M.Leelavathi 


‘Abarana gala yata hathu pipunaavada 

Kabara goyin ge athulata aavada 

Napuru jame kaputan hadalavada 

Ruduru evan vas duru veva ada’


The meaning of this poem is like this,

(‘Did mushrooms bloom under the grinding stone , did the ravens come in to the abyss , did the crows of evil go away , Get rid of such cruelty to day.’ ) This poem is a great example for auspicious omens. They are written in a simple manner .For that reason any one could understand the content of this poems easily. Also they have used the local terms, folk idioms and verbal terms. Women in particular inherit this poems and hymns.

According to this puja and its poems we can signify a society that women and men are considered in a same social statues. They treated women who nearly gave birth to children as sacred people. Therefore we can assume that how the worship of pattini with Buddhism was established in the Sri Lankan society and the sacred place of women through pattini offerings such as milk alms.


Sound and Music

              As previously said this songs and poems are mainly sung by women community. Many of poems are sung in medium and slow tempo. But some of them are sung in little bit fast. That is depend on that time and atmosphere. As we found from some conversations, the poems of kiri amma dana has no particular melody. It can be sung in any way. But most of the women sing loud and sharp. But all the melody is sung in a limited note space. Also we can see A chorus singing in this types of singing. The main Kiri Amma (Maha kiri amma) gave the start to the singing and other women follow her.

Here we have provided some recordings of poems of Kiri Dane.

Conclusion

             Every culture has its own style and unique characteristics.  Ritual is a fundamental characteristic of culture. It shows the rural folk wishes , their lifestyle , willing nesses and so many others that related to the folk culture. Paththini devi or goddess paththini is still a famous and honorable goddess in Sri Lanka. Kiri Amma danaya or Shanthi karmaya is used to worship her and hope the blessings from her.  To the extent that the society maintains the honorable status of Kiri Amma , Dane puja and expects blessings , the goddess pattini will forever bless to the souls and hearts of Sri Lankans.


Annexure

 Some poems which are found from Interviews and their meanings.

Mrs.M.Lilavati (Age 65 )


Sata veta Kulunu kara - Pamunuvana saga mok pura

Tun lovata guruvara – vadimi sugatindu nitara padasara

Meaning : I worship the feet of the Buddha, the teacher of the three worlds, because kindness to animals leads to heaven. It is a conventional custom that praying to lord Buddha before hold any religious occasion 


Pin ati teda pamin gala mada kara –ikmanatama vi isva pala kara

Sak devinndhuta dan duni piliyela kara- Bak masa van dos ebavin duru kara

Meaning : May all the evil be removed in the month of April, for you (Goddess pattini) have shown alms-giving glory, turned the stone into mud, and quickly sprinkled paddy seeds there, and gave alms to the God Shakra. There is a famous myth that conveys Lady paththini  gave an alms to lord sharka . This stone which turned in to mud called as Anndun Giri. Finally she grew paddy seeds on the andun gira and take  the harvest and cooked a milk rice for him. Such a wonderful myth that emphasize the power of goddess pattini.



Pattini deviya teda bala penna –Sat vara ipadi suba seta dunaa

Pat sama uvaduru ivatata panna – Hat davasata set kavi pavasannaa

Meaning : Goddess Pattini was born seven times with great power and benefited the world. Also all the dangers were eliminated. Thus Seth poems are sung for seven days. At the first stage of the article we said about that Lady pattini was born 7 times. 




Uturu digin pattini devi vadinne – Uturu dige sita divas helanne

Uturu Digin a dos duralanne – Pattini deviyo seta salasanne

Meaning : Goddess Pattini is coming from the north. Looking at the world from the north. Eliminates bugs coming from the north. Goddess Pattini benefits . There are several poems  say about 8 Directions that Pattini devi comes from. 



            

Mrs.Indra Wirasagoda (65 age)


Kiri Ammavaru ena kala bale – Mal varusavak vahapi evele 

E mal amuna gena ena vele – Kiri amma kala dosa natha bale 

Meaning : When the Kiri Ammas came, a shower of flowers fell. When the fallen flowers were picked up, all the defects of the Kiri Ammas were removed. As a part of the ritual the owners of the home already make a flower necklace to wear on the framed picture of goddess pattini. They only use yellow flowers for that. Becouse according to  rural people the yellow is the color of her. And also that color emphasizes the maternity.   


"Lakdiva siri uma patini – panndi pura vadinaa gamane

Yakshani hata bara kale – Nara lova Sat ahata dukine

Duk vinndimin tama himiyan – thusitha pure bana asane

Bak masa van siyalu dosa – duralan pattini sanndine"

Meaning : On the way to Padi Rata, the Lady of the Lakdiva Pattini (similar to Uma ) handed over the protection to a demon who was saddened by the animal. Pattini removes all the errors that occur in the month of April when her suffering husband listens to the Dhamma in Thusitha heaven . Though pattini has an Indian origin people believes that she is a sri Lankan god , so they use some term to call her as Uma of sri lanka. According to Hindu vedic  myths the uma or Umayangana is the most prettiest goddess in the heaven. So Sri Lankan people think that pattini also same to Hindu Uma or Umayangana and also the last two parts are very attractive for Sinhala context they believe that when someone who lived in very good way ,  after his death he rise to the heaven. According to Buddhist teaching  there are several heavens  such as Yamaya , thusithaya , nirmanarathi and paranimmita vasavarthi. This poem says that pattini’s husband Kovalan is following the doctrine of Lord Buddha  in thusitha heaven. Not only the past but only in these days when some one die in rural zones , many of them have used to say that he or she has gone to the heaven (Divya Loka) .That rural issue has been linked here as well. That fact shows how much Pattini Devi has been localized.




"Daham balen eka vilasata gopalu koluge bas melesata

Tosan vadana gopalun hata –Teda bala pa anuhasayata

Daham balen net tunakin divas balu anuhasayata

Poson mase van uvaduru duralan pattini balayata"

Meaning : She also at other times wielded her power over the herdsmen. May all the dangers of the month of Poson (God Shiva) who sees the world with three eyes be removed.This poem expresses about lord shiva . Also they present another myth.




Mrs. Taranga Rodrigo


"Kiri ammala geta enna hadanava – Sudu piruvata annda hinnda ganna hadanava

Noyinndul dane piliganna hadanava – Kiri ammala hata avasara denava"

Meaning : Breast feeding mothers are expecting to enter the home in white cloths , to sit and take alms. Let the nursing mothers be mermitted for same.





"Sarasa maga tota kuda kodi banndava – Depa dova sudu piyavili sanndavaa

Supa kevili saha rannba kan idavaa – Dan duni kiri ammavaru kanndva "

Meaning : The road was lined with umbrellas, flags, white cloths. Delicious sweets and bananas,  nursing mothers are invited and offered with alms.


"Sihi karagena deviyani obe naamaya –Itu kale kiribat danaya dimaya

Ati kara me aya venuven premaya –Salasanu mana me nivase samaya"

Meaning  : God, in remembrance of your name, fulfilled the promise of giving  alms with milk rice. So please love the people of this house and bring peace to the house.



"Sambudu saranay siyalu denata

Devi raka varanay nirogi vannata

As vaha kata vaha dos duru vannata

Sampath dena dey me siri nivasata"

Meaning : Blessings to all. God bless you to be healthy. Resources are brought to this Siri (lucky) house. They usually sing this type of poems when they are going to leave from home. 


"Me nivasata pamini bisav me nivasen yanna yamav

Me nivasta pamini bisav me nivasen yanna yamav"

Meaning : The queens who came to this house are left from this house. Another pray before to leave.

Some Related Photoes



Source

Personal Interviews

1. Weerasinghe Kamani , Interviewed by: Galkotuwe K.S. , (20th September 2020)

2. Lilavati M., Interviewed by: Galkotuwe K.S. , (20th September 2020)

3. Wirasagoda Indra , Interviewed by : Galkotuwe K.S. , (18th September 2020)

4. Rodrigo Tharanga Dilhani , Interviewed by (Via Telephone ) : Galkotuwe K.S. , (21th September 2020)

Field Observations 

1. Kiri Amma Shanthikarmaya of Mr. Susantha Glkotuwe’s Residence, 33/3,Helummahara , delgoda (23th February 2020)

2. Kiri Amma Shanthikarmaya of Mrs.Tamara Damayanthi’s  Residence , Valgama ,aturugiriya , (5th September 2020)

Books 

1. Ven, Saddhajiva Pavavahara and hevavasam P.B.G.,( 1974),Panthis Kolmura Kavi ,  (පන්තිස් කෝල්මුර කවි), 1st Edition , Colombo , pradeepa publications 

2. Kariyavasam Tissa , 1991, Sirilaka Devivaru , (සිරිලක දෙවිවරු), 1 st edition ,Colombo , Godage and brothers publications

3. Darmadasa K.N.O. and Tundeniya A.M.S. ,1994, Sinhala Deva Puranaya, (සිංහල දේව පුරාණය), 1st edition ,Colombo, Government Printing publications.

4. Fernando S.J., 1910, Malyahan Kavi, (මල්යහන් කවි), 1st  Edition , Place Isn’t Mentioned, Romanis Appuhami P.A.D.publications ,

5. Dharmadasa D.K.B., 2007 , Iparani Sinhale Lankeya Devi Devatavo, (ඉපැරණි සිංහලේ ලාංකේය දෙවි දේවතාවෝ), 2nd edition ,Colombo , Ratne Book Publications.


Sunday, January 10, 2021

ඩේවි දුටු ලංකාවේ සංගීතය

 ඩේවි දුටු ලංකාවේ සංගීතය 

 

මෙම අඩවියේ පරමාර්ථය වනුයේ ලාංකේය සංගීතයේ හා සංස්කෘතියේ අනන්‍යතාව මතු කරලීම බව නැවතත් සිහි කරමින් අද ලිපියට මෙසේ මුල පුරනු ලැබේ.

අපි පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියන්නෝ වෙමු. ඒ පිළිබඳ සැකයකුදු තබා ගත යුතු නැත.එහෙත් අතීතය වර්ණනා කිරීමෙන් පමණක් රටකට ස්වාධීන අනන්‍යතාවක් ගොඩ නඟා ගත හැකිද යන්න ප්‍රශ්නයකි.සිදු කළ යුතු වන්නේ අතීතයෙන් ලද දායාද රැකගැනීමත් , එම අතීතයෙන් උගත් දැයින් වඩා උසස් අනාගතයක් ගොඩ නැඟීමටත් උත්සාහ ගැනීමයි. මේ ලිපිය එවැනි දෑ කරන්නවුන් ට උපහාර වේවා.

ක්‍රි.ව.1815 දී ලංකාව සුදු අධිරාජ්‍යයේ පූර්ණ යටත් විජිතයක් බවට නිල වශයෙන් අපගේ ම මුතුන් මිත්තන්විසින් පවරා දෙන ලදි.ඔවුන් අපට බොහෝ දෑ ලබා දුන් බව අසත්‍යයක් නොවූවත් අපෙන් උදුරා ගත් දෑ ද සුළුපටු නොවේ. ලංකාවේ  සැබෑ සංගීතය කුමක්දැයි , සොයා යන මේ ගමන පතුලක් තවම හරියට නොපෑදුණු බොර දිය පහරක තිත්තයන් , නළ හඳයන් දකින්නට උත්සාහ කරන්නාක් මෙන් අසීරු ව්‍යායාමයකි. එය එසේ වූවත් නිකම් සිටිනවාට වඩා කුමක් හෝ වැඩක නියැලීම ඵලදායක වේ යැයි සිතා ලංකාවේ සංගීතය ගැන සුදු ජාතික මහත්මයෙකුගේ ම අතින් ලියැවුනු ලිපියක් ඇසුරෙන් අපේ සංගීතය පිළිබඳ සැඟවුණු තොරතුරු කීපයක් මෙසේ සාකච්ඡාවට භාජනය කරමු.

 

මෙම ලිපිය ඇතුළත් වන්නේ රාජා එස් එම් තාගෝර් Raja S. M. Tagor යන භාරතීය විද්වතා විසින් සංස්කරණය කරන ලද Hindu Music From Varies Authers කෘතියේ ය. (අන්තර්ජාලයේ මෙම නම ටයිප් කිරීමෙන් PDF පිටපතක් බාගත කිරීමේ හැකියාව ඇත.)




Raja S.M.Tagor


ක්‍රි.ව. 1882 I.C.Bose සහ සමාගම විසින් මුද්‍රණය කර Stanhope Press ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය භාරතීය සංගීතය බටහිර ලෝකය වෙත ගෙන හැර දැක්වීම විශේෂයෙන් අරමුණු කර ගන්නා ලද්දක් බව ආරම්භයේදී ම ප්‍රකාශ කර ඇත. (පූර්විකාව , 1882) ඒ අනුව අපගේ සාකච්ඡාවට බඳුන් වන්නේ මෙම කෘතියේ 293-294පිටු අංක වලින් දක්වා ඇති Music of ceylon නම් ශීර්ෂයෙන් යුතු ලිපියයි. මෙහි කර්තෘ වරයා වන්නේ එංගලන්තයේ එවකට කීර්තිමත් රසායනඥයෙකු වූ ජෝන් ඩේවි (John Devy) නම් නිළධාරියායි. (ක්‍රි.ව. 1790- 1868) 


John Davy 

ඔහු විසින් ලංකාවට පැමිණ තමා ලද අත්දැකීම් ඇසුරෙන් ලියා පළ කළ An Account of the Interior of Ceylon , and of its Inhabitants : with Travels in that Island (1821) කෘතියේ එන ලිපියක් ය තාගෝර් සිය කෘතියට ඇතුළත් කර ඇත්තේ.




ආරම්භයේදීම ඩේවි ශ්‍රී ලාංකිකයන් හැම දෙනෙක් ම පාහේ කවියන් වන බව ප්‍රකාශ කර සිටියි. එහෙත් ඔවුන් ආදරය වැනි කාව්‍යමය සංකල්පනයනට වඩා සිය නායකයන්ගේ ගුණ කවියෙන් කියන්නට යුහුසුළු වූ බව ඩේවි පවසයි. ඔහු හඳුනාගන්නා ආකාරයට ලංකාවේ නාද මාලා මූලිකව ස්වර සතක පමණ පරාසයකට අයත් වන බව පෙන්වා දෙයි.ලිපියේ මීලඟ කොටස ඩේවි විසින් හඳුනාගත් දේශීය වාද්‍ය භාණ්ඩ කීපයක් පිළිබඳ තොරතුරු සපයා දෙයි. එහි ගැටබෙරය , දවුල ,තම්මැට්ටම , තාලම්පොට යන භාණ්ඩයන්හි විස්තර අන්තර්ගත වේ. මේ සියල්ලටමත් වඩා වටිනාකමින් වැඩි තොරතුර නම් වෙනබ් (venab) , වීණා (veena) , යන නම් වලින් හඳුන්වන ද්වී තන්ත්‍රී වාද්‍ය භාණ්ඩයක් පිළිබඳ කරනු ලබන විග්‍රහයයි. අලුවකින් වයනු ලබන එම භාණ්ඩයේ රූපසටහන් දෙස බලන විට රාවණාස්ත (Ravanasta or Ravan hatta)නමින් හැඳින්වෙන භාණ්ඩයේ ස්වාභාවය මෙම භාණ්ඩය කෙරෙහි හෝ මෙම භාණ්ඩය උක්ත වාද්‍ය භාණ්ඩයට  හෝ බලපා ඇති බවට සාධාරණ සැකයක් ඇති වේ. 



එසේම භේරී වාදනය මුල් කරගත් දේශීය සංගීතය අතීතයේදී තත් වාද්‍ය භාණ්ඩ භාණ්ඩ ද භාවිත කර ඇති බවට සාක්ෂ්‍ය හමු වේ. වෙණ හා උඩැක්කි හැරුණු විට අනෙක්වා ආගමික ස්ථාන ද විවිධ උත්සව සඳහා ද බහුල ව භාවිත කර ඇති බව මේ ලේඛනයෙන් හඳුනාගත හැකිය.පෙර සඳහන් කර ඇති හෙළ වීණාව පොල් කටුවකින් සාදන ලද ධ්වනි පේටිකාවකින් යුතු ද්වී තන්ත්‍රීමය උපකරණයක් වන අතර අලුවෙන් වයා තිබේ. එය සාමාන්‍ය සමාජයට වඩා යාචක සමාජය අතර ජනප්‍රිය වූ භාණ්ඩයක් වූ බව ඔහු වැඩිදුරටත්  ප්‍රකාශ කරයි.ඩේවි ට අනුව සාමාන්‍ය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය භාණ්ඩයක් ලෙස එකල උඩැක්කිය භාවිත කර ඇත. බොහෝ විට සන්ධ්‍යා සමයේ ගයනු ලබන කවි වලට මෙය ආධාරක භාන්ඩයක් වී ඇත. එසේම කවි අසනු රිසියෙන් ඔහු හෝ ඇය වටා වාඩි වී ගී ඇසීමේ අත්දැකීමක් ද ඔහු විස්තර කර ඇත.

මේ ලිපිය එකල පැවති සංගීතමය පසුබිම පිළිබඳ මනා ව පිළිබිඹු කරන්නකි. සරල ජීවිත රටාවකට හුරු වූ ඔවුන්  සංගීතයෙන් අපේක්ෂා කර ඇත්තේ  හුදෙක් සරල ආස්වාදයක්  ලැබීම බව ප්‍රකාශ කිරීමට කරුණු මේ අනුව අපට සොයා ගැනීමට හැකි අතර තත් වාද්‍ය පිළිබඳ  තොරතුරු අනාවරණයෙන්  සිංහල සංගීතයේ  තවමත් සෙවිය යුතු බොහෝ දෑ සැඟව පවතින බව අපට පසක් කර දෙයි.

ඇමුණුම්





Monday, January 4, 2021

තනිවුණු කවි

තනිවුණු කවි






දයාබර අරලියා පෙත්ත..

තුති නුඹට

තනිකමක් දැනෙන්නට නුදුන්නාට 

ඇයට..

තනිකම පමණක් තනියට හිටිය 

හුදකලා භූමියේ..

මට නොකල හැකි මුත් ,

නුඹට හැකි වෙයි වැළද ගන්නට ,

ඇගේ වත

සුවද රොන් ඉසිමින්,

පිනි පිපෙන උදයේ

අදුරින් වැසුණු හැන්දෑවේ

ඉඩ නොදෙන්න 

ඇයට තනිකමක් දැනෙන්නට

මගේ මිතුර,

ඒ පාළු භූමියේ 

නිසල පස් ගොඩැල්ලේ..

මගෙ හිතට දුන් සෙනෙහෙ

ම හට දුන් මුදු වදන්..

මා වෙනුවෙන් ඇයට දෙන්න.

 නුඹට දුක හිතේවි

වෙන්වන්නට 

නුඹගේ උන් සිටින 

අරලියා විමානෙන්

දුක් නොවන්න ..

එයයි ලෝ දහම.

නුඹට ද මට ද උරුම වූ..


නොදොඩා,

මන්දස්මිතයක්වත් 

නොසලා වුවත් 

ඇයවත් හිදීවි 

නුඹ ලගින්,


සබද.

පින් නුඹට,

මා වෙනුවෙන් 

ඇය වැළද ගන්න..

පින් නුඹට ,පින්  නුඹට ,පින් නුඹට....


-අතුරුගිරිය නිස්සරණ සිත් බිමේදි-

දේශීය සංගීතයක් ගොඩ නැඟීමෙහිලා විද්වතුන් පළ කළ අදහස් 2

 හෙළ සංගීතයක් ගැන කියන කුමරතුඟුවන්ගේ හෙළ මීයැසිය








මුනිදාස කුමාරතුංග යන නාමය නෑසූ ලාංකිකයෙක් සිටීනම් එය මහත් පුදුමයක් වේ. එපමණටම කුමාරතුංග නාමය සිංහල සාහිත්‍යයේ අග්‍රගණ්‍ය සලකුණක් වෙයි. ග්‍රන්ථකරණයේ හා කාව්‍යකරණයේ සූරයෙකු වූ මෙතුමා ජාතික නිදහස් අරගලය වෙනුවෙන් සිය පෑන මෙහෙයූ ආකාරයත් , එකල ජාතික අනන්යතාවය නොසලකා විජාතික මිරිවැඩි සිඹි කලු සුද්දන් නිර්දය ලෙස විවේචනය කළ අන්දමත් , පිරිසිඳු හෙළ බස රකින්නට පිහිටුවා ගත් හෙළ හවුලත් යන කාරණා නිසා  සුවිශේෂ  පුද්ගල චරිතයක් ලෙස හඳුනාගැනේ.  මෙතුමා ස්ව ග්රන්ථ ,  සංස්කරණ, ව්යාකරණ , ළමා කථා ,  සඟරා ලිපි ආදියේ සූර ලේඛකයෙකු වූ අතර ම පද්යයේ හරඹ පෑ කවියෙක්ද වෙයි. . මේ ලිපිය එතුමාගේ එම කාර්යයභාරය පිළිබඳ ඇගයීමක් කරන්නට ලියන්නක් නොවුණත් මෙය ද ඔහුගේ ම  එක් විශේෂ ග්රන්ථයක් පිළිබඳ  ව විශේෂයෙන් සාකච්චා කරන්නකි.  කුමරතුඟුවන් විසින් ලියන ලද කාණ්ඩ 4 කින් යුතු (දැන් සොයාගැනීමට ඇත්තේ 1 කාණ්ඩය පමණි.) කොළඹ 10 මරදාන පාරේ ඇස් ගොඩගේ සහ සහෝදරයෝ සමාගම විසින් ප්රකාශයට පත් කෙරුණු , හෙළ ගී මීයැසිය කෘතියේ 1999 නව සංස්කරණය ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

         පෙර කියූ අන්දමටම කුමාරතුංග සිය පෑන මෙහෙවූයේ දේශ ප්රේමය පෙරටු කොටගෙනය. ඔහුගේ සෑම කෘතියකින් ම තහවුරු කරන්නට උත්සාහ ගත්තේ හෙළ ජාතිකත්වයේ අභිමානයයි. අධිරාජ්ය සමයේ විදේශිකයන්ට නතු වූ දේශීයත්වය නඟා සිටුවීමෙහිලා කුමාරතුංග කළ ප්රයත්නය සිකිම් මහින්ද හිමි, අනගාරික ධර්මපාල වැන්නවුන්ගේ මෙහෙයට දෙවෙනි නොවේ.ඒ අනුව යථෝක්ත කෘතියෙන් ද ප්රකට වන ප්රධානත ම කාරණය නම් ජාතිකත්වයයි.ඔහු සංගීතඥයෙකු නොවූවද වින්සන්ට් සෝමපාල නම් භාරතීය සම්ප්‍රදායේ ප්‍රාමාණික සංගීතඥයා ගේ ද සහාය අැතිව මේ උත්සාහ කර අැත්තේ දේශීය අනන්‍යතාවකින් යුතු සිද්ධාන්තමය සංගීතයක් ගොඩනැගීමටය.


' පෙර හෙළයාට මීයැසියක් නොවී ද? හෙළයාගෙන්  බැහැරියෝද මීයැසිය උගත් හ යනු අපගේ හැඟීම.තරු නම් , රවුළු නම්, හෙළ නර විරුවෝ ගැයුම් වැයුම් රැඟුම් මොළවා, ලළවා , බබළවා හෙළ දිව දෙව් ලොව කළ හ . ......... කෙසේ වුවද හෙළයෝ මෙයට හවුරුදු  දහසු කීයකට පෙර මීයැසිය පුරුදු කළෝද , වැවුවෝද , හිවුවෝද යනු පරයින්ගේ පතින් පොතින්ම දැනැ ගන්නට ලැබීම හෙළයන්ගේ කෙබඳු පිනෙක්ද? '( පිවිසිය ,6 පිට)


කුමාරතුංගගේ වදන් අතරින් පෙනෙන දෙය නම් ඔහු කෙතරම්  සිය ජාතිය කෙරෙහි අභිමානයකින් සිටියෙක් ද යන්නයි.  කුමාරතුංගට අනුව නම් අපි පෙර බැහැරියන්ට ද සංගීතය ඉගැන්වූ අය වෙමු.  අදටත් වඩා එදා අන් ජාතිකයන් සිය ඇසින් ලංකාව ගැන ලියූ කෘතීන් හා ඒවා ඇසුරෙන්ම දේශීය සංගීතය පිළිබඳ මත පළ කරන්නට සිදු වීම ගැන කුමාරතුංග සෝපහාසීව දක්වයි.

 ලංකාවේ සංගීතය ගැන මුල් ම සාක්ෂ්යය  ලෙස ඔහු  විජය කුවණ්ණා කථා ප්රවෘත්තිය දක්වයි.


'හෙළ නයුවන් නසන්නට විජය නම් සොර දෙටුවා එද සොරෙන් ළං වද්දි , හෙළයෝ කුමක් කෙරෙමින් උන්නෝද? ගැයුමෙන් වැයුමෙන් නැටුමෙන් මන පිනවමින් උන්නාහුය.සොර දෙටුවෙකුගේ ළය මොළොක් වේද මිහිරෙකින්? එහෙත් අවියක් නොදැකැ, මුවින් ගී ගෙනැ, අතින් වැයි ගෙනැ ,පයින් රැඟුම් ගෙනැ සිටි හෙළයෝ මිහිරියෙන්ම මරු මුවට වන්නෝයැ'


මීළඟ සාක්ෂ්ය කුමාරතුංග දක්වන්නේ පඬු අබා කථාවෙනි. ලබුගම දී සිය මාමා වරුන් මරා උත්සව කළ පඬු අබා 

ලක්දිව පළමු අග නගරය වූ අනුරාධපුරය ගොඩ නැගූ බව පෙන්වා දෙන ඔහු එකල  සංගීතය නොපැවතීමට හේතුවක් ඇති ද යන්න ප්රශ්න කරයි. පසු කළෙකදී ලක්දිව බුදු සමය  ව්යාප්ත වූවද සංගීතය පැවතීමට එය බාධාවක් නොවූ බවද කුමාරතුංග පවසන අදහසකි. ඔහුට අනුව ලංකාවේ සංගීතයේ සැබෑ පසුබෑම සිදුවී ඇත්තේ මෑත කාලයේය. ආගමික නීති රීති ඔස්සේ ලංකාවේ සංගීතය  අවනතිය කරා ගෙන යාමට වර්තමාන ආගමික ප්රජාව උත්සාහ ගන්නා බව පෙන්වා සිටින කුමාරතුංග දේශීය සංගීතයක් ඇති නොවීමට මෙය බාධාවක් වන බවද පවසයි.

පිවිසියේ නොහොත් ප්රස්තාවනාවේ  අවසාන භාගය කුමාරතුංගයන් යොදා ගන්නේ හින්දුස්ථානී සංගීතයට දොස් පැවරීමටය.


" හින්දුස්ථානී ! එසේයැ , සියල්ල "හින්දුස්ථානි " මේ විහිළුව ඇති වන්නට බොහෝ පෙර මීයැසිය මැනවින් උගන්වන සකූ පොත් වීයැ.ඒ පොත් කියවා අරුත් වටහා - ගන්නට තරම් හැකියාවක් නැති පර ගැත්තෝ , ඒ සකු නම් මැ වියුරු කොටැ, පෙරැළුෑ "හින්දුස්ථානී" නම් හෙළයන් පිට ද පටවති. 'රි' සරුව 'රෙ' යැයි ගන්නට කියති ඇතැමෙක් .ඇයි ? අර "හින්දුස්ථානියාට" එය එලෙස කියැවෙන නිසා! කොතරම් විහිළුවෙක්ද? " (පිවිසිය 8)

 සත්ය වශයෙන් ම  කුමාරතුංග මේ දක්වන්නේ හින්දුස්ථානී සංගීතය භාවිත නොකළ යුතු බවක්  නොවේ. එකළ එයැම පමණක් සංගීතය වේ යන්න ප්රකට කළ ඇතැම් සංගීත කරුවන්ට මරු පහරකි ඔහු ගැසුයේ. 


ගීතය සංගීතයේ එක් ශාඛාවකි. වර්තමානයේ මෙන් ම එදා ද ගීතය ජනප්රිය මාධ්යයක් විය. වරින් වර ලංකාවේ ගීතයට බලපෑම් ඇති කළ නූර්ති , නාඩගම් ඔස්සේ ගීතයට තනුව දැමීමේ සම්ප්රදායය වෙනුවට තනුවට ගැළපෙන පද යෙදීමේ සම්ප්රදායය ව්යාප්ත විය. මේ නිසා අර්ථ ශුන්ය , විරිත් බිඳුණු ගී සම්ප්රදායයක් ඇති වූ බවට කුමාරතුංග චෝදනා කරයි.

"තව ද මහ නොවිළි කමෙකි. රිවිඳුරු නා ටහකුරුවන්  වැන්නෝ උන් ගේ බස් නියරට හුරු කොට ගී බඳිත් . මෙ රටැ ගැත්තෝ කුමක් කෙරෙත් දැ? එ ගී බලා විරිත හිඟති , අරුත හිඟති, පද හිඟති , ගී යැයි මහ විහිළු අටවා දී අමනයන් මත් කරවත්."


මේ චෝදනාව තුළින් තනු අනුකාරක ගී විෂයෙහි ඔහු තුළ පැවති අප්රසාදය පළ වෙයි.

හින්දුස්ථානි ස්වර සප්තකය නම් ස රි ග ම ප ධ නි  වේ. එහෙත් කුමාරතුංග හෙළයට ගැළපෙන ලෙස එය සංස්කරණය කර හෙළ සවර සප්තකයක් දක්වයි.එසේම හින්දුස්ථානී වර්ගීකරණය වූ කෝමල , තීව්ර, ශුද්ධ සවර ලෙස එකම ස්වරයේ ප්රභේද දැක්වීමේ ක්රමය වෙනුවට ඒ එක් එක් සවරය සඳහා වෙනම සංකේත යෙදිය යුතු යැයි කුමාරතුංග යෝජනා කරයි. 

 1. ස  කෝමල රි  රි කෝමල ග ග ම තීව්ර ම ප කෝමල ධ ධ කෝමල නි නි  ..........................  හින්දුස්ථානී ස්වර

2.  සි  රැ  රි ගැ ගි මි මු පි දැ දි නැ නි     ..................................... හෙළ ස්වර

 මේවා වල ප්රායෝගික භාවිතය කෙසේ වුවත් හෙළ සංගීතයක් නිර්මාණය කිරීමෙහිලා කුමාරතුංග ගත් උත්සාහය ප්රකට කරන කරුණක් ලෙස මෙහි විශාල වැදගත්කමක් පවතී.එසේම නාද , ස්වර , කාව්‍යකරණය , තනු සැපයීම , ගී ආදී සාම්ප්‍රදායික සංගීත තොරතුරු මෙන්ම නව ස්වර නාම පද්ධතියක්  හඳුන්වාදීම , දේශානුරාගය වඩවන සුලු නව සංගීත ප්‍රවාද සැකසීම ආදී කාරණා පිළිබඳ  පිළිබඳ විවේචනාත්මක මෙන් ම ප්‍රතිගාමී අදහස් පළකර තිබීම මේ කෘතියේ විශේෂත්වය වෙයි. ඒ අනුව හෙළ මීයැසියක් ගොඩ නඟන්නට මේ කෘතිය හේතු නොවේ යැයි කාට නම් කිව හැකි ද ?





ගැමි ගීයේ නිදහස

 ගැමි ගීයේ නිදහස   සංගීතය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ  පරිණාමික සංවර්ධනය පිළිබිඹු කරන්නකි. සංගීතය රසවින්දනාත්මක නිෂ්පාදනයක් මෙන් ම එදිනෙදා ඇතිවන නා ...