හිරු පිපෙන උදයේ
ළදැල්ලක රැඳි පිවිතුරු පිණි බිඳක්
ඔබ වගෙයි හැඟුණා .........
සැඳෑ හිරු බසින හෝරාවේ
පිපෙන සේපාලිකා මලකත්
නුඹෙ සුවඳ තිබුණා ...........
වලකුළින් මිදී අඳුර දුරු කරනා
සිසිල් සියුමැලි සඳේ රැස්
නුඹෙ සෙනෙහෙ කිව්වා .........
ඒ තරම් සිසිලයි
ඒ තරම් සියුමැලියි ........
නුඹ නිදන භූමියේ
පිනි බිඳක රැඳි සඳේ සිසිලස
රැයට පිපෙනා මලක පෙති අග
රැඳෙනවා දුටුවා .........
2020.0930

No comments:
Post a Comment