Wednesday, December 30, 2020

ඔවුහු තරු දෙස බැලූහ




 ඔවුහු තරු දෙස බැලූහ..

එකම ගල් පොත්තක හිඳ 

සඳ ,

කිරණ විහිදූය ...

තනි මකන්නට මෙන් 

'බලනු මැන සොඳුර '

අඳුරු අහස ,

බලා සිටී තරු යුවළක්

වෙන් නොවන්නට සපථ වූ

කිසිදා අත් නොහැරි 

තරු යුවළ ,

ලොවම පතයි පෙම 

එය ම සොයති 

එහෙත් ,

ලොව කාට හැකි වූයේ 

කියන්නට, 

ප්‍රේමය කුමක්දැයි 

ඈත අහසේ අලෙවි දුන් 

තරු දෙපළ මෙන් 

කවුරුද දන්නේ 

පෙම ගැන කියන්නට 

ඒ තරු තරම් .....


2020.09.03 

No comments:

Post a Comment

ගැමි ගීයේ නිදහස

 ගැමි ගීයේ නිදහස   සංගීතය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ  පරිණාමික සංවර්ධනය පිළිබිඹු කරන්නකි. සංගීතය රසවින්දනාත්මක නිෂ්පාදනයක් මෙන් ම එදිනෙදා ඇතිවන නා ...