Friday, November 27, 2020

Art Music and Folk Music

 

Art Music  and Folk Music



 World music can be divided in to two categories, namely  Folk ( conventional) Music and Art music. 

Art music is a form which occurred from the traditional Music. Both of the aspects have their own characteristics .Some of them are similar to each other and  some of them are different from each other. The main object of this article is to discuss an overview about the difference between Art Music and Traditional Music.

               When we move to the Art Music, It has a commercial an expense involved  than to traditional folk  Music.



In the world , there are so many categories in the form of art music not only focusing to entertainment aspect but it also has a productive value. It catches the current updates of technologies and  technical inventions despite it  has an artistic value too .  Day by day Music productions are increasing, but unfortunately all the music productions  cannot be considered as creations.

 

The next question is' What is the real Art Music' ?  When  Art music merely object to something that  such as human values , traditions , emotions and feelings , then it became the real art Music.



In this case there is an another thing that we have to understand.  Fan's acceptance about the Art Music how it can be changed by creators weather that music good or bad. Because of fans acceptance can be affected  music production (creation) Therefore even a good production will not be praised even their context is  succeeded. It depends on the   authority of publishing and advertising. 

              The  roots of   art music  which can be proved from the history. As an example ;   Indian Classical Music  has a proper history and It has proved their  historical resources. .

 


The Art Music has it's their own grammar and rules , which has occur from the contribution of  musicians who  belong to the relevant Music Forms.   Every Art Music form of world has their own concepts and vocabulary.

Example’s :

Indian Classical Music - Thata , swara, varna , Raga ,Rasa , Akar  etc.,

Western Classical Music - Scales , Notes , Pitch, Timber, loud , Key signature , Times etc.,

Some of the forms of Art Music absorbs the essence of other Musical genres contemporary Sri Lankan music is an example for that. However as we can see the Art Music is not born automatically. It is a concept which is enhanced from the human’s thinking development.

               Next move is on to the topic of  “Folk Music”. what is the folk music ? Some definitions say , Music that originates in traditional culture  is known as  Folk Music. It is naturally born from the  folk context . Though there are pioneers of Art Music , yet folk music has no authorship nor particular pioneers mentioned.



Folk Music is bound from folk poems and hymns.  Folk poems are also simple, ( It doesn't mean that  all folk poems are easy to understand but there is a structure which is simple to than Art Music ) It emphasize the  conventional cultural background of people who lives in rural places. (This idea is also problematic because the meaning of the term of ' folk ' is the ordinary living people of the world.  So it is unjust that considering folk music only belongs to rural people only without other people who are lives in towns. Therefore some definitions are presented as ' Folk Music is The Music of all People’! ) However Folk singers are not professional artists. Sometimes they wish and want to sing even it doesn’t sound very nicely!  Folk music neither has a purpose to earn money nor create productions. The objectives of singing folk songs can be mentioned like that below.

1. To drive away the loneliness.

2. To express their emotions (happy, sympathy, pythoness, affection etc.,).

3. Share the experience’s between others which they are forced.

4. To create a pleasant atmosphere in the religious and conventional occasions.



5. To communicate with each other  (talking , blaming , scolding,  questing , answering etc.,).

All of the above facts are emphasized that Folk Music which based on folk music has a cultural context.

Considering the Folk Melodies which currently heard are also simple.

Many of folk tunes do not pass more than 5 or 6 notes . It has created to sing anyone who is willing to sing.  Except for a few Sri Lankan Folk Tunes are quite similar to each other. But actual thing is folk music hasn't any particular tunes. If someone wants to sing a poem, he or she has the whole authority to choose another melody to sing except the real melody. 

That is a huge difference between Art and Folk music. We can understand the cultural background of a society through the Folk Music for if that society has developed melodies and tunes of folk songs, their aesthetic ability must be improved.  If people are fluent in art definitely they are culturally developed. Folk melodies and poems neither have a grammar nor the rules. They only come with deep inside of human heart weather it gives good or bad feeling.

                        After the all of things that we have discuss above, we can get a rough idea about what is an Art Music  and Folk Music . There is no argument to prove that music is an universal language. But it has some variations. Discovering it has no end but we can find some things to enhance our aesthetic ability and performing ability.  Furthermore, We will talk about the Sri Lankan music  and culture through this Cyber space.

Stay tuned with us.

Thursday, November 26, 2020

නුර්ති ගීතයේ ආගමික පසුබිම

 නුර්ති ගීතයේ ආගමික පසුබිම 



                       ශ්‍රී ලාංකේය සංගීතයේ වෙසෙස් හැරවුම් ලකුණක් ලෙස සැලකිය හැකි නුර්ති නාට්‍ය ඇසුරු කරගත් ගීත කලාව වර්තමානයේ පවා ජනප්‍රිය කලාංගයක් ලෙස සැලකිය හැකිය. ක්‍රි.ව.1880 දී පමණ පර්සි ජාතික ඉන්දියානු නාට්‍ය කණ්ඩායමක් ලංකාවට පැමිණ රඟ දක්වන ලද නාටක සංදර්ශන නිසා එකල නාඩගම් සම්ප්‍රදාය වෙත ආශක්ත ව පැවති  මෙරට ජනතාවගේ  රසවින්දනාත්මක චින්තනය  නූර්ති නමින් හැඳින්වෙන ගීතාත්මක නාට්‍ය විශේෂයක් කෙරෙහි ඇදී යන්නට විය. හින්දුස්ථානී සංගීත පද්ධතියේ ආභාසය ලද නූර්ති ගී වල කර්ණරසායන තනු මෙසේ ප්‍රේක්ෂකයන්ගේ අවධානය ලැබීමට විශේෂ හේතුවක් විය. කාංජි, අබ්දුල් සතාර්, විශ්වනාත් ලෞජි වැන්නවුන්ගේ තනු රචනා ඇසුරු කරගෙන මුල් කාලීනව බිහි වූ නූර්ති නාට්‍ය  නිෂ්පාදනයේ පුරෝගාමීන් ලෙස  සී දොන් බස්තියන් , නීතීඥ ජෝන් ද සිල්වා , නීතීඥ චාර්ල්ස් ඩයස් වැනි අය හඳුනාගත හැකිය.

නීතීඥ ජෝන් ද සිල්වා


 සංස්කෘතික මූලිකාංගයක් වශයෙන් සමාජයක පවතින ආගමික සංස්ථාවන්ට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. පවත්නා ආගමික භාවිතාවන්ගේ ආභාසය නිතැතින් ම එකී සමාජයේ ජන ගතව පවතින කලාංගයන්ට ද බලපෑම් ඇති කරයි. නූර්ති ගී අධ්‍යයනය කිරීමේදී ද එම කාරණය හඳුනාගත හැකිය. මෙම ලිපියෙන් සාකච්චාවට බඳුන් වන්නේ නූර්ති ගීතයේ පඨිතයෙන් ප්‍රකට වන ආගමික පසුබිම පිළිබඳ ව ය. තෝරාගත් ගීත කීපයක් ඇසුරෙන් මෙම අධ්‍යයනය සිදු කෙරේ.


ආගමික කථා මුල්කරගත් නූර්ති ගී


නූර්ති ගීත බිහි වන්නේ ස්වාධීන කලාංගයක් ලෙස නොවේ.එය නාට්‍යයේ කථා සංදර්භයට යෝග්‍ය වන සේ රචනා කෙරේ. බොහෝ නාට්‍යයන්ගේ ගීතය නම් කලාංගය භාවිත වන්නේ අභිනයෙන් රඟ දැක්වීමට අපහසු වන අවස්ථා සැකෙවින් ඉදිරිපත් කිරීමටයි.මේ අනුව නූර්ති ගීයට පාදක වන තේමාවන්ගේ සීමා සහිත බවක් හඳුනාගත හැකිය. බොහෝ නූර්ති නාටක බෞද්ධ , හින්දු , ක්‍රිස්තියානි ආගමික කථා පුවත් තේමා  කරගෙන ඇති අතර ඒ අනුව එම ගී පද මාලා ද නිර්මාණය  වී ඇත්තේ එකී ආගමික පසුබිම මත පිහිටා ය. විශේෂයෙන් ජාතක කථා , බෞද්ධ චරිත කථා , බෞද්ධාගමික පසුබිමකින් යුතු ඓතිහාසික කථා වැනි  තේමා ඇසුරු කරගත් බෞද්ධ ආගමික පසුබිමකින් යුතු  නාට්‍යය බොහොමයක් නූර්ති සම්ප්‍රදායය තුළ හමුවේ. විධුර , වෙස්සන්තර , හේමමාලී, දුටුගැමුණු , කාලගෝල දික්තල ,සිරිසඟබෝ , භූරිදත්ත, මානාභරණ , ධර්මාශෝක  වැනි නූර්ති නාටක එවැනි නාටකයන් ට නිදසුන් වේ.


"ලෝනා මුණි රාජගේ 

ශ්‍රී දළඳා පෙන්වමී

මාගෙ හිසකේ ගර්භයෙහී 

සඟවාගෙන ආ සාදරෙන් "


මේ ගීය අයත් වන්නේ හේමමාලී නාටකයට වන අතර දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩමවීම පිළිබඳ කථාපුවත  කියැවේ.චාර්ල්ස් ඩයස් විසින් නිෂ්පාදනය කරන ලද විදුර නාට්‍යයට පදනම් වන්නේ ජාතක පොතේ විධුර ජාතකයයි.


"දම්වැසි වස්සන විධුර පඬී

නොදැක වීය මා ලයෙ සෝකේ විදුර පඬී

රෝග ලීල දක්වාලා ප්‍රයෝගයෙන් 

ගෙන්වමි ඒ පඬිඳුන් මෙ නාලෝ"


පහත සඳහ්න්  ගීය ජෝන් ද සිල්වා මහතාගේ වෙස්සන්තර නාටකයේ එන්නකි


"අහෝ දුක වාවන්ට බෑ දැන් මගෙ දෙයියනේ

මාගෙ මාතා මාගෙ මාතා

කොහෙද ඉන්නෙ කියාපන් පියේ

මා මරා දමාවි අදමිටු නාකි බමුණා"

වෙස්සන්තර රජු තම මඳ්‍රී දේවිය නොමැති තැන දරුවන් ජූජක බමුණාට දන් දෙද්දී දරුවන් විසින් ගයන ශෝක ගීයකි ඒ.රාමායණය වැනි නාට්‍යයක් සැලකූ විට එම නාට්‍ය සඳහා පාදක වී ඇත්තේ භාරතීය රාමායණ කථා ප්‍රවෘත්තිය බව හඳුනාගත හැකිය.


" සීතා මා සිරියා ඉන්නේ

කොහෙදෝ අනේ මෙකලා

බෝවීය සෝකා මාගේ 

දෙදරා හදා................."


 " සවන් දී පෙර රාම චරිතේ අසව් 

පොරණ ලක්දිව උන්නු රාවණ 

ආලෙ වී ජානකී

ගෙන ගියේ තම රියේ

කියමි එය සංගීත බසිනා 

පෙර රාම චරිතේ අසව්..................."


නූර්තී වලින් ප්‍රකට වන ආගමික සංකල්ප


නූර්ති ගී සඳහා පාදක වූ ආගමික කථා වස්තු පමණක් නොව වෙනත්  තේමා ගත ඇතැම් කථා ප්‍රවෘත්තීන් තේමා කරගත් නූර්ති නාටක ගී වල ද ඇතැම් ආගමික සංකල්ප පිළිබඳ සාකච්චා වීම දැකගත හැකිය.


සිරිසේන විමල වීර- රොඩී කෙල්ල නාට්‍යය


" කවාලා විළඳ ජාතී

ඇති කළත් රන් කූඩුවේ ගිරවා

දමාලා යන්නෙ ඉගිලී 

රැව් දිදී ලබනාසෙ වන සැපතා


කිරෙන් කා තෙලෙන් අත සෝදා

අපේ මේ ජීවිතේ ගෙවනා

දුවන්නැයි සිරුරු කූඩුව මෙහි දමලා

ආව කල මරුවා


උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ

මරණයක් කොටා ඇත නළලේ

මරණයක් ඇයි ද මේ කෙටුවේ මහබඹා

මනු සතා නළලේ "


මෙම ගීයේ මුඛ්‍ය අරමුණ නම් මරණය කෙරෙහි සුබවාදී ආකල්පයක් ඇති කිරීමයි. ජීවිතයේ ඇති නිස්සාර භාවය , අනිත්‍ය ස්වාභාවය , අසාර භාවය මේ ගීයෙන් ප්‍රකට වෙයි. කිසියම් ආගමික සදූපදේශයක ස්වරූපයක් ද මෙහි අන්තර්ගත වෙයි අවසාන කොටසේ ඇති මරණයක් ඇයි ද මේ කෙටුවේ මහබඹා යන යෙදුම බෞද්ධ ආගමික පසුබිමට වඩා හින්දු ආගමික පසුබිමට අදාළත්වයක් දක්වන්නේ ලෝකය මවන ලද්දේ මහබඹා විසින් බවට හින්දු ආගමික ඉගැන්වීම් වල සඳහන් වන බැවිණි.ප්‍රකට ගීයක් වන දුටුගැමුණු නූර්තියේ එන දන්නෝ බුදුන්ගේ ගීයෙන් එකල විසූ භික්ෂු පරපුරෙහි ආධ්‍යත්මික උසස්භාවය ප්‍රකට කරයි. 

"ක්ලේශ නස්නා භික්ෂූන් ඇත්තේය බෝ සේ "

"එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ 

සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ "


පී ටී පී ප්‍රේම චන්ද්‍ර විසින් නිෂ්පාදනය කරන ලද මානාභරණ නාට්‍යයේ ඵුස්සදේව ගයන මෙම ගීය ද බෞද්ධාගමික සංකල්ප නිරූපණය කරයි.

"ඇස ප්‍රීති කරන රූපා නැති වී උඅතීය නොහැඟී

නොදිරාවි නාම සුන්දරා පවතී දනන්ගේ සිත්හි"

රූපං ජීරති මඡ්ඡානං - නාම ගොත්තං න ජීරතී (රූපය ජරාවට පත් වෙයි. යහපත් නාමය කිසිදා නොදිරයි) යන බෞද්ධ පාඨයම ගීතයට යොදා ගෙන ඇති සෙයකි.

"මෙම ලෝකේ පාපයේ රැඳී

විසුවොත් දුක නියමයි

ත්‍රිවිධ ලෝ සැප ලැබීමටා

පංච පාපයෙන් මිදිලා"


  මේ කොටසින් කියැවෙන්නේ බෞද්ධාගමික හොඳ නරක පිළිබඳ සංකල්පයයි.සිරිසඟබෝ නාටකයේ එන ගෝඨාභය විසින් ගයන සිරි සඟ බොධි ගීයේ  කර්මය නම් බෞද්ධ සංකල්ප්ය පිළිබඳ සඳහන් වෙතත් එය සඳහන් වන්නේ බුදු දහමට පටහැණි අර්ථයක් මතු කරලීමට ය.

"කර්මෙ වෙන්නෙ පස්සෙ හින්ද කිම් ද දෝසයා " මේ යෙදුමෙන් රචකයා උත්සාහ කර ඇත්තේ ආගමික වශයෙන් ගෝඨාභයගේ පවත් නා නොදැනුවත් භාවය මතු කරලීමටය.

කර්තෘ අඥාත සුභ්ද්‍රා නාටකයේ එන සෝකෙන් පල නෑ ගීයේ ද බෞද්ධ අෂ්ට ලෝක ධර්ම පිළිබඳ  සංකල්පය මතු කරයි.

සෝකෙන් පල නෑ මේ ලෝකේ

අටලෝ දහම්සෙ කැරකේ

එ උතුම් බුදුන්ගෙ ධර්මේ

සත්‍යා බලව් මේ සොඳිනේ.................


නූර්ති ගීයෙන් ප්‍රකට වන ආගමික සදූපදේශ 


නූර්ති ගී ඇසුරු කරගත් ඇතැම් තේමා දෙස බලන විට පෙනී යන්නේ කිසියම් ආගමික සදූපදේශයන් මතු කෙරෙනෙ බවයි. ඇතැම් උපදේශාත්මක අදහස් ගීතයේ තේමාව හා ගැළපීම පිළිබඳ ගැටළු පැවති ය ද ආගමික සංකල්ප කොතෙක් දුරට එම ගීත වල ට පිවිසී ඇත් ද යන කාරණය හා එම ගී රචකයන්ගේ මානසික තත්වයන්ට එම ආගමික සංකල්ප බලපා ඇත් ද යන කාරණය හඳුනා ගැනීමෙහිලා එම යෙදුම් විසින්  වෙසෙස් මෙහෙයක් ඉටු කරනු ලබයි. රොඩී කෙල්ල නාටකයේ එන කවාලා විළඳ ජාතී ගීය පදනම් වන්නේ ශරීරයේ ඇති නිස්සාරත්වය ප්‍රකාශ කිරීම මතයි ඒ අනුව රචකයාගේ අරමුණ වී ඇත්තේ මෙලොව දී ධාර්මික ව  යහපත් පැවැත්මෙන් යුතුව ජීවත් විය යුතු ය යන උපදේශය ලබා දීම බව පෙනේ.රාමායණය නාටකයේ ද ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබඳ කිසියම් ආගමික වටිනාකමක් මතු කරලීමට උත්සාහ කෙරෙන අතර පතිවත හා පතිනි වතෙහි ගුණ වැනීම අරමුණු වේ. සීතා මාසිරියා ,රකිනු ඊශ්වරා වැනි ගී වලින් එ බව ප්‍රකට වේ. සිරිසඟ බෝ නාට්‍යයේ (ජෝන් ද සිල්වා) රාජගුරු ගයන මේ ගීය ද බෞද්ධාගමික උපදෙශයක් සිදු කරයි.


"සීල ධර්ම දාන වේද හානී

දස ධර්මෙන් කළාම ආණ්ඩු දීපෙ 

සිදුවන්නෙද සංඝබෝධි පාපෙ "

මේ පාදයට අනුව රාජ්‍යය පාලනය කළ යුත්තේ දසරාජ ධර්මයෙනි.සුභ්ද්‍රා නාටකයේ සෝකෙන් පල නෑ ගීයෙන් කාන්තාවන් කෙරෙහි විශේෂ උපදෙසක් දෙයි.


"ස්ත්‍රීන්ගේ දෝස රාසී 

පූර්වේ පඬීන් දෙසුවේ

ගුනදම් රකිත්වා හැමකල්

ඒකයි ස්ත්‍රීන්ගෙ වරුණේ

පර හිංසා විපාක තේරී

මනරම් විහාර දේවී

බිලිවිය සමුද්‍රගත වී

සිංහලුන්ගෙ ඉතිහාස ගත වී"


පුරාණෝක්ති වලට අනුව විහාර දේවියට මුහුද ට බිලි වීමට සිදු වුයේ සත්පුරුෂ රහතන් වහන්සේ නමක් වැරදි අවබෝධය නිසා මරණයට පත් කළ බිසා විපාක වශයෙන් ය. ඒ අනුව නිරවුල් මනසකින් ගැටළු විසඳිය යුතු බවය මෙයින් ප්‍රකාශ කෙරෙනුයේ.මානාභරණ නාට්‍යයේ ඇස ප්‍රීති කරන රූපා නාට්‍යයේ බොහෝ සදූපදේශ අන්තර්ගතය.ඒවා සියල්ල බෞද්ධ පසුබිමකින් යුතු ඒවා ය. එයින් ද මූලික වශයෙන් දැක්වෙන්නේ පංච පාපයෙන් වැළකිය යුතුබවයි.

"මෙම ලෝකෙ පාපයේ රැඳී

විසුවොත් දුක නියමයි

ත්‍රිවිධ ලෝ සැප ලැබීමටා

පංච පාපයෙන් මිදිලා


මුනිඳුන්දෙසු ඒ ධර්මා

සිත්සේ රකිව් මෙතපා

ත්‍රිවිධ ලෝ සැප ලැබීමටා

පංච පාපයෙන් මිදීලා  "


භූරිදත්ත නාට්‍යයේ (චර්ල්ස් ඩයස් ) එන යට යමුනා නදියේ ද අන්තර්ගත වන්නේ බෞද්ධ ආගමික සදූපදෙශයි. සියලු සත්ත්වයන් වෙත මෙත් වඩන භූරිදත්ත නා රජුගෙන් කියැවෙන්නේ සිල්වත් ව විසීමේ ගුණයි.

"යට යමුනා නදියේ පිහිටි නා ලොවේ

භූරිදත්ත මම වෙම්

පෝ දින නාලෝ අතහැර භූ ලෝ

වෙත් හි පැමිණිලා ,මම්

වඩලා මෙත් සිත් වෙත ලෝ සව් සෙත්

රකිමි පේවී සිල් 


කම් සැප බෝ වේ අපෙ නා ලෝකේ

සීලෙට බාධා වේ

ඒ නිසා ආමි වෙත මෙම භූමි රකින්න්ට පේ වී සිල් "

ඒ අනුව පැහැදිලි වන්නේ නූර්ති ගීයේ ආගමික සදූපදෙශ බොහෝ අන්තරගත බවයි.


ආගමික ආශීර්වාද හා සෙත් පැතීම් 


බොහෝ ගීයන් හි සෙත්පැතීම් මාත්‍ර වශයෙන් හෝ අන්තර ගත වේ. විශේෂිත කාරණය නම් ඒවා කිසියම් ආගමික මුහුණුවරක් ගැනීමයි.

උදා : 

1." රකිනු ඊශ්වරා - රකිනු ඊශ්වරා 

මෙ අප සෑම සකල අපල 

දුරැර නොහැර සිරිසැප සලසාද බැද්දේ

ඉන්න අපට සකල දුක හැරා රකිනු ඊශ්වරා


නිදුකිනි අප රැක සියල්

දෙනු මැන සෙත් සිරි විපිල්

ඔබ ගුණ මහිමේ ප්‍රකාශවේය ඊශ්වරා - රකිනු ඊශ්වරා  " (රාමායණය , ජෝන් ද සිල්වා)

2. " දෙවෝපකාර වෙවා සෑදී සෙත් " (වෙස්සන්තර , ජෝන් ද සිල්වා)

3."  ලංකාව පාලන දෙයියො රකී අපෙ රාජා" (සිරිසඟබෝ , ජෝන් ද සිල්වා)


  ආගමික පුරාණෝක්ති 

නූර්තියේ ඉන්දියානුආභාසය නිසා හෝ වෙනත් කාරණයක් නිසා ඇතැම් ගීත වල හින්දු දේව පුරාණයන්හි එන අවස්ථා දැකගත හැකිය විශේෂයෙන් රාමායණ නාට්‍යයට තේමා වී ඇත්තේ ද ප්‍රකට රාමා සීතා පුරාණෝක්තියයි. 

"මීරි නාද කෝකිලාදි පක්ෂියන්ගේ

මීරිනාද කෝකිලාදි පක්ෂියන්

ඇසීලා ප්‍රීති බෝ වෙම් මම් 

විදිම් උන්ට සීරුවේ"


"සවන් දී පෙර රාම චරිතේ අසව් 

පොරණ ලක්දිව උන්නු රාවණ ආලෙ වී ජානකී

ගෙන ගියේ තම රියේ 

කියමි එය සංගීත බසිනා "

https://youtu.be/9jT7bOzmi8k

"සිරියා වසාය උරේ ආසාවේ භූපතී " - හින්දු පුරාණෝක්තීනට අනුව ශ්‍රීයා කාන්තාව වසන තැන සශ්‍රීක වෙයි. මෙහි ඈ වසන්නේ රජුගේ උරයේ ය.

"මම ද නාග ලෝකයෙන් ම මෙපුර ආමි නාන සේ - දුටුගැමුණු " - නාග කන්‍යාවන් පිළිබඳ බෞද්ධ පොත පතේ සඳහන් ය.

"ශ්‍රියා කාන්තා සේම පෙනේ - සිවම්මා ධනපාල , චාර්ලස් ඩයස් " - හින්දු දේව පුරාණෝක්ති වලට අනුව සුන්දරතම ස්ත්‍රිය වනුයේ ශිවගේ භාර්යා වන උමා හෙවත් ශ්‍රියා කාන්තාවයි

"සුන්දර සරසවි මුව සර සර සර - ශ්‍රී වික්‍රම රාජසිංහ , ජෝන් ද සිල්වා " - කලාවට අධිපතිනිය සරස්වතියයි.

මේ අනුව හින්දු හා බෞද්ධ දේව සංකල්ප ඇතුළත් පුරණෝක්ති නූර්ති ගී සඳහා බලපා ඇත.

            යථෝක්ත කාරණා අනුව පෙනී යන කාරණය වන්නේ නූර්ති ගී රචනයෙහිලා ආගමික පසුබිම බෙහෙවින් බලපා ඇතිබවකි .විශේෂයෙන් බෞද්ධ හා හින්දු ආභාසය ලැබීම හේතුකොට ගැනීම නිසා නූර්ති ගී බොහොමයක්  කිසියම් ආගමික ඌරුවකින් රචනා වී ඇති බවක් හඳුනා ගතහැකිය. දේව පුරාණෝක්ති, ඇදහිලි හා විශ්වාස පදනම් කරගත් තේමා , පමණක් නොව යටිපෙළ මඟින් ඉදිරිපත් කෙරෙන අර්ථයන්ට ද ආගමික සංකල්ප හේතු වී ඇහි බවක් පෙනී යයිමේ අනුව නූර්ති ගීය සඳහා  තත්කාලීන ආගමික  පසුබිම ද උපයුක්ත වී ඇති බවට නිගමනය කළ හැකිය.

Sunday, November 22, 2020

ලාංකේය සංස්කෘතිය හා සංගීතය




"මිනිසා සංස්කෘතික සත්ත්වයෙකි." මෙය හුරු පුරුදු කියමනකි. මෙහිදී අප පළමුකොට විසඳාගත යුතු ප්‍රශ්නය නම් සංස්කෘතිය යනු කුමක්ද? යන්නයි. සංස්කෘතිය කෙරෙහි සිය ගණනක් නිර්වචන ඉදිරිපත් වූවත් සත්‍යය නම් අද වනතෙක් සංස්කෘතිය යන්නට නිශ්චිත වූ නිර්වචනයක් ලැබී නොමැති බවයි. එතරම් ම සංස්කෘතිය යන්න පුළුල් ව පැතිරුණු ක්ෂේත්‍රයකි.  

'සංස්කෘතිය' යන වචනය සංස්කෘත භාෂාවෙන් නිපන් තත්සම වචනයකි. සංස් + කෘති යන වචන ද්විත්ත්වය සන්ධි වීමෙන් සංස්කෘතිය යන වචනය නිර්මාණය වී ඇති අතර 'මනා කොට සිදුකරන ලද්ද' යන අර්ථය ගෙනදෙයි. එහෙත් එයින් අදහස් කෙරෙන ප්‍රධානතම අර්ථය වනුයේ යම් ජන කොට්ඨාසයකට අනන්‍ය වූත් පැවැත්මට අදාළ චර්යාධර්ම පද්ධතියක් බව සැලකීම යුක්ති යුක්තය.

ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන Culture යන වචනය සංස්කෘති යන්නට පර්යාය වශයෙන් යෙදේ. එහි දළ අර්ථය වගා කිරීම හා සම්බන්ධ වූවත් පොදුවේ ගෝලීය සමස්ථ මානවයාගේ ජීවන ක්‍රමය හැඳින්වීමට භාවිත කරනු ලබන්නේ ද එම වදනයි. සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීම ලෝකයේ බොහෝ අධ්‍යයන ආයතනයන්හි අතිශය ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයකි. 

සංස්කෘතිය මූලික වශයෙන් විභේදනය කරනු ලබන්නේ ස්පර්ශ සංස්කෘතිය (Intangible culture) හා අස්පර්ශ (Intangible Culture) සංස්කෘතිය වශයෙනි. භෞතික ව ගෝචර වන සංස්කෘතිකාංග පිළිබඳ හැදෑරීම ස්පර්ශ සංස්කෘතිය යටතට ගැණෙන අතර භෞතික ව ප්‍රතිරූපණයක් කිරීමට අපහසු සංස්කෘතිකාංග අස්පර්ශ සංස්කෘතිය ලෙස ද විග්‍රහ කෙරේ. කෙසේ නමුත් සරල ව ගත් කළ සංස්කෘතිය වනාහී 'මානවයාගේ පැවැත්මේ අතීතය , වර්තමානය , අනාගතය පිළිබඳ කිසියම් මානවීය දෘෂ්ටියකින් විග්‍රහ කෙරෙන්නක් 'ලෙස අර්ථ දැක්විය හැකිය.

 එක් එක් කාලයේ දී ' තම්බපණ්ණි,සීහල භූමි , හෙළ භූමි , තැප්‍රොබේන් , සෙරන්ඩිබ් ,සිලෝන් , ලංකා ' යන නාමයන්ගෙන් හඳුන්වන ලද ශ්‍රී ලංකා දිවයින ආසියානු මහද්වීපයට අයත් වන ඒකීය රාජ්‍යයකි. එසේම ශ්‍රී ලාංකේය සංස්කෘතිය ශතවර්ෂ ගණනාවක අතීතයකින් යුතු ව , සාංස්කෘතික ලාක්ෂණිකයක් වන ගතිකත්වය අනුව වෙනස් වෙමින් අනාගතය කරා පියනගන සමස්ත ආසියානු මානවයින්ගේ දිවියේ තවත් එක් පැතිකඩක් නියෝජනය කරයි. 

මේ අන්තර්ජාල අවකාශය විවෘත වන්නේ ඒ අපූරු මානවයින්ගේ ජීවන තොරතුරු ගවේෂණය කිරීමටයි. ඒ ඇසුරෙන් සමස්ත පෘථිවි වාසින්ගේ නියමාකාර අවධානය ට පාත්‍ර නොවූ තවත් මානව සංස්කෘතියක තතු එළිපෙහෙළි කිරීම මෙහි එක් අභිප්‍රායයකි.

සංස්කෘතික උරුමයක් ලෙස සංගීත විෂය ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනය කරන්නෝ ලෝකයේ විරල නොවෙති.  එය සංස්කෘතිය යන මාතෘකාව තරම් ම විචිත්‍ර වූවකි. එහෙත් දේශීය වශයෙන් එම විෂය ක්ෂේත්‍රය පිළිබඳ සාකච්ඡා වී ඇත්තේ සීමා සහිතව ය. කාලානුරූපීව ලාංකීය සංස්කෘතිය ද දේශීය අනන්‍යතාවයන්ගෙන් ද  හා ලෝක මට්ටමේ සම්ප්‍රදායයන්ගෙන්  ද ආභාසය ලබමින් ස්වාධීන සංස්කෘතිකමය සංගීතයක් බිහිකර ගැනීමෙහි උත්සාහයක නි‍යැළී සිටියි. එසේ ගොඩනැගෙන ශ්‍රී ලාංකේය සංගීතය සංස්කෘතිකමය ඇසකින් දකින විද්‍යුත් අවකාශයයි ,

CULTURE AND MUSIC



ගැමි ගීයේ නිදහස

 ගැමි ගීයේ නිදහස   සංගීතය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ  පරිණාමික සංවර්ධනය පිළිබිඹු කරන්නකි. සංගීතය රසවින්දනාත්මක නිෂ්පාදනයක් මෙන් ම එදිනෙදා ඇතිවන නා ...